බයික් එකක් ගැනීමට පෙර මේවත් සිතමුද? – Bike buying guide – Saru News Media

0
9

“අජානේය ස්කූටර තුරගා පිට වඩිනා – කුමාරයෙනි වාතවේගයෙන් ඉගිලෙනු කොතනා” කියා කරුණාරත්න දිවුල්ගනේ මහතා පවසන්නේ යතුරු පැදියක් එහෙම නැතිනම් සරලවම බයික් එකක් ගැන. එහිදී බයික් එකක් හෝ තිබීම ගමක නම් කොල්ලෙක්ට අත්‍යාවශ්‍ය මූලික පිරිමිකමේ ලක්ෂණයක් වන මට්ටමට ඇවිත්. මෝටර් බයිසිකලයක් මිලදී ගැනීමේදී අපි අනාගතයේදී මෝටර් බයිසිකලයේ යන විට අපිට ලැබෙන නොලැබෙන දේ කලින්ම හිතලා බයිසිකලයක් ගැන සොයාබලලා ගන්න එකෙන් පසුවට බයිසිකලය ගැන පසුතැවීම් ඇතිවීම් අඩුවන්නට හේතු වේවි.

 

 

අද කාලයේ ස්කූටර බොහෝම ජනප්‍රිය වෙලා තිබෙනවා. ස්කූටර කියන්නේ කිලෝමීටර 30-40ක් වගේ සාමාන්‍ය දුරක් දවසකට යන්න හදාපු හැසිරවීම වඩාත් පහසු බයික් විශේෂයක්. කොළඹ හෝ නගරබද නම් ට්‍රැෆික් එකට කියාපු භාණ්ඩයක් තමයි ස්කූටර. ඒ වගේම ටිකක් ටවුමෙන් ඈතට යද්දි ගොවි ජනතාවට වගේ පෝර මල්ලක් පස්සෙ තියාගෙන යන්න, සිය පවුල සමග ගමනක් යන්න, ගෙදර දොරට ඕන ටිකක් බර මල්ලක් කාරිය නිවිහැනහිල්ලේ ගේන්න ටිකක් දුර ගමන් වලට බයිසිකල් ඕනා වෙනවා. ඒ වගේ අවශ්‍යතාවන්ට ඉස්සර නම් ඉතිං තැපැල් නයින්ටිය තමයි. තැපැල් නයින්ටිය ඉස්සර ගමේ ගෙදරක තියෙන සෑම අවශ්‍යතාවයක්ම සපුරාලන්නට හැකි සුපිරිම මෝටර් බයිසිකල් එකක් වුණා.

පසුකාලීනව තරුණ පරපුර අතර ඉන්දියානු බයික් ජනප්‍රිය වුණා. දැනටත් පාරකට බැස්ස විට ලංකාවේ පල්සර්, සීටී 100, ඩිස්කවරි ආදි ඉන්දීය මෝටර් සයිකල් රැසක් අපිට දැකගත හැකියි. එදිනෙදා වැඩකටයුතු වලට ගමන් බිමන් වලට යොදාගන්න ඒ ඉන්දියානු බයික් ජනතාව අතර ජනප්‍රිය වුණා.

 

සුවපහසුව ගැන කියද්දි තිබෙන ප්‍රබලම සාධකයක් තමයි අපි බයිසිකල් එකේ කොපමණ කාලයක් සාමාන්‍යයෙන් වාඩිවෙලා ඉන්නවාද කියන එක. ලංකාව වටේ හැමතැනම ඇවිදලා දවසකට කිලෝමීටර සිය ගණන් නිතර පදින්න ඉන්නවා නම් සුවපසුව ගැන නැවතත් සිතා බලා බයික් එකක් මිලදී ගැනීම හොදයි. හීරෝ හොන්ඩා, බජාජ්, ටී වී එස්, හොන්ඩා ආදී මාදිලි රැසකින් ඉන්දියාවෙන් බයික් ආවත් ඉන්දියානු බයික් බොහෝවිට කිලෝමීටර සිය ගණන් එකදිගට යන්න නම් කිසිසේත්ම හොඳ නැහැ. ඒවායේ දුර ගමනකදී සිරුරට දැනෙන ගැස්සීම වැඩියි. එහෙත් ජපන් සහ පැරණි මාදිලි වල බෙන්ලි, GN 125, CD 125, ආදී බයිසිකල් වල දී එන්ජිමේ ඇතිවන ගැස්සීම් මෝටර් සයිකලයේ සේවාව ලබාගන්නා අය වෙත දැනෙනවා අඩුයි.

කුඩා දුර ධාවනයට පෙර කී පරිදි ස්කූටිය සුදුසුයි. ස්කූටි නම් බොහෝවිට 125, 100, 110 කාණ්ඩයේ ඇති සාමාන්‍ය ඩිස්කවරි වැනි මාදිලිවල බයික් වලට වඩා සුවදායක බවකින් යුක්ත වෙනවා.

 

බයික් එකක් මිලදී ගත් පසුව සහ වාරික ගෙවිම පමණක් බයික් එකක් පාවිච්චි කරන්නට ප්‍රමාණවත් නැහැ. උදාහරණ විදියට නිවසට රූපවාහිනි යන්ත්‍රයක් ගෙනාවොත් බොහෝවිට එහි ගැටළුවක් නැතිනම් එය බොහෝ කලක් කිසිම පස්නයක් නැතුව නරඹන්නට ගෙදර අයට හැකියි. ඒත් මෝටර් සයිකලයක් එහෙම නැහැ. එය ගත් පසු ඉන්ධන සහ නඩත්තුව ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවෙන් එන බජාජ් ඩිස්කවරි, සි ටී 100, සහ ඒ ආසන්න මාදිලිවල දී ඉන්ධන පිරිමැස්ම බොහොම වැඩියි. ඒ නිසාම මේ ඉන්දියානු බයිසිකල් වලට පෙට්‍රල් ටිකක් පෙන්නුවත් බයික් එක යනවා යැයි පිරිස් විසින් කියනු ලබනවා.

ජපානයෙන්, කොරියාවෙන්, ඉතාලියෙන් ආදී රටවලින් විවිධ ක්‍රම හරහා ප්‍රබල මාදිලිවල මෝටර් සයිකල් ලංකාවට ගෙන්වූවද ඒවා යේ දොසක් ආ කල ඒවා හැදීමට දන්නා බාස්ලා ගම් නියම ගම් පසුකරමින් යා යුතුය. එසේම ඒ මෝටර් සයිකල් වල අමතර කොටස් සොයාගැනීමද අභියෝගයකි. වෙළද පොලේ සුලභ තෙල් වැඩියෙන් කරන ලෙඩ අඩු බයික් එකක් තෝරාගතහොත් ඒක අනාගතයේ අපේ පසුබිම්යට වාසි සහත තත්වයක් උදා කරාවි.

 

හොඳින් නිතිපතා ධාවනය කරන මෝටර් සයිකලයක් ඉන්දියානු එකක් නම් අවුරුදු 5-6කින් සම්පූර්ණ බයිසිකලයේ මුල් ස්වරූපය මඳින් මඳ වෙනස් වෙලා එය පරණ වෙන්නට පටන් ගන්නවා. ඒත් විදෙස් රටවලින් විශේෂයෙන් ජපානයෙන් එන බයිසිකල් ඇතැම්විට අවුරුදු 10-15 ගියත් ඒවායේ තත්වයන් හොදින්ම ආරක්ෂා වෙනවා. කල්පැවැත්ම අතින් ගත් කල නම් ජපානයේ හොන්ඩා, සුසුකි, වැනි මෝටර් සයිකල් ඒ අංශයෙන් ඉදිරියෙන්ම සිටිනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here