Google search engine
Home ගොසිප් පුවත් බ්‍රිතාන්‍ය පුරවැසි වුනේ මගේ මව British නිසා – මට ලංකාවෙ පුරවැසිකම තියෙනවා...

බ්‍රිතාන්‍ය පුරවැසි වුනේ මගේ මව British නිසා – මට ලංකාවෙ පුරවැසිකම තියෙනවා – 2022 ඩයනා කියූ හැටි

0
25

diana-gamage-how-british

තමාට බ්‍රිතාන්‍ය පුරවැසිකම ලැබුනේ මව නිසා බවත් මව සහ මවගේ දෙමාපියන් සුදු ජාතිකයින් බවත් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය 2022 සැප්තැම්බර් මස රූපවාහිනී නාලිකාවක සංවාද වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ.
ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘ඉර හරි කෙලින්‘ වැඩසටහනට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියුවේ තමා බ්‍රිතාන්‍ය පුරවැසිකම අත්හැරිය බවත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බවත්ය. 2022 විකාශය වූ වැඩසටහනේදී  ඇය කියූ ඇතැම් කරුණු සාවද්‍ය බව ඊයේ (8) කියැවුණ අධිකරණ තීන්දුව මගින් ගම්‍ය වේ.

ඇය වැඩසටහන අතරදී ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් එදින මෙසේ පවසා තිබුණි.

ඔබ තුමිය ශ්‍රී ලාංකික පුරවැසිකම සහිත කාන්තාවක්ද?
ඔව්
ශ්‍රී ලංකා පුරවැසිකම තියනවා…?
ඔව්..(හිස නමමින් නැවත කියයි)
ද්විත්ව පුරවැසිභාවයක්ද තියෙන්නෙ?
නැහැ
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දැන් ඉවත් කරගෙනද තියෙන්නෙ?
මම මේ රටේ පුරවැසියෙක්.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දැන් ඉවත් කරගෙන?
ඔව්..
මට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබෙන්නෙ මගේ මවගෙන්. මගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. මගේ ආච්චි සීයා බ්‍රිතාන්‍ය ජාතිකයො. මේ රටේ ඇවිල්ල හිටපු අය. දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිටිෂ් ආමි ඔෆිසර් කෙනෙක් මගේ සීයා. ආච්චිත් එහෙමයි. 1876 ඉඳන් එන පරපුරක්..මට ඉන්නෙ මගේ අම්මගෙ පැත්තෙන්. ඉතින් ඒක හින්ද තමයි අවුරුදු 15 දී මම මේරටින් ගිහිල්ලා.. එහේ ඉගෙන ගන්නෙ. මගේ අම්මගෙ රට තමයි ඒ. ඒක මට මගේ අම්මගෙන් ලැබිච්ච දේ. මගේ අම්මගෙන් ලැබිල තියෙන දෙයක් තමා බ්‍රිතාන්‍ය පුරවැසිකම. එහෙම නැතිව මම ගිහින් බලෙන් අරගෙන නැහැ.

අදාළ වීඩියෝ කොටස පහතින්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here