බැංකු ගණුදෙනු කරන්නේ Mobile App එකෙන්ද? මේ අනතුරු ඇඟවීම ඔබට!

0
7

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මගින් (Mobile App) බැංකු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා

හැකර්වරුන් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය Lanka Pay සහ FinCSIRT අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව ගෝලිය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔවුන් වෙත තොරතුරු ලැබී ඇතැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා වංචාකරුවන් විසින් ඉහත ආකාරවලින් සලසා ගන්නා බවත්, එමගින් අදාළ උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කර ගන්නා බවත් එමගින් දන්වා ඇත.

තවද එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්තර්ගත බැංකු / ගෙවීම් යෙදුම් (payment apps) වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා කර ගන්නා බවය.

එසේම ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිත කොට මුදල් සොරකම් කිරීමට අදාළ කණ්ඩායම් කටයුතු කරන බව, එම ඒකාබද්ධ නිවේදනය මගින් පවසා සිටී.

එබැවින් එවැනි තත්වයන්ගෙන් බේරීම සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සමග අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන අනෙකුත් ආයතන ඉල්ලා සිටී.

app

(lankatruth.com)

 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here