බෑණාගෙන් පහර කෑ මාමණ්ඩිය මිය ගිහින් | Saru News Media

0
4

බෑණා විසින් උදැල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කළ පුවතක් සිදම්බරම්පුරම්, මුරුගනූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාමණ්ඩිය සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකාර බෑණා ඊයේ (06) මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ආරවුල දුරදිග යාමෙන් ප්‍රකෝප වූ බෑණා උදැල්ලකින් සහ ඔහුගේ මිතුරෙකුට අයත් ආරක්ෂිත හිස් වැසුමකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බරපතළ තුවාල ලැබූ 45 හැවිරිදි වියේ පසු වූ මාමණ්ඩිය රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බෑණා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු දෙදෙනා 22 හා 24 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරම්පුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here