බුද්ධි අංශ මාලිමාව දෙකඩ කරන්න හදනවා..

0
8

රජය විසින් බුද්ධි අංශ යොදවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ජාතික ජනබල වේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර අභ්‍යන්තර ගැටුමක් පවතින බවට මාධ්‍ය වාර්තා පළ කිරීමට සූදානම් කර ඇති බවද හෙතෙම කියා සිටී.

නමුත් එවන් කිසිදු බලවේගයකට තම දේශපාලන පෙරමුණ දෙකඩ කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

මාතර දී පැවති ජාතික ජන බලවේගයෙන් මැයි දින රැලිය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here