බෝගම්බර හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීමට පෞද්ගලික ආයෝජකයෙක් – Saru News Media උණුසුම් පුවත්

0
7

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා.

එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සැලසුම බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන්නේ 2014 වසරේ දී.

විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධනය කෙරෙනවා.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණ හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණයි.

බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණවිට අනෙකුත් භූමිය සංවර්ධන සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතිනවා.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය වෙළෙඳ සංකීර්ණ , අවන්හල් සහ සංචාරක හෝටලය ඇතුලත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතයි.

බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරමින් එම කටයුතු සිදුකෙරෙන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here