බෝඩිමකට, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට යන්නද ඉන්නෙ? එතනට සෙට් වෙන්න ඔයා කරන්න ඕනි දේවල් ටිකක් – Saru News Media

0
4

ඔයාල කුඩා කාලයේ ඉඳලා ජීවත් වුණු තමන්ගේ ගෙදරින් පිටත ජීවත් වෙන්න යන එක ලේසි නෑ. මොකද අලුත්ම පරිසරයක්, අලුත් මිනිසුන් එක්ක ජීවිතේ පටන් ගන්න වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට ඔයාට ඉන්න වෙන රූම් එක ෂෙයා කරගන්නත් වෙනවා. පොදු බාත්රූම් එකක් පාවිච්චි කරන්නත් වෙනවා. ඉතින් මේ වගේ සිටුවේෂන් එකක් කළමනාකරණය කර ගන්නෙ කොහොමද කියල අපි කතා කරමු.

බොහෝ වේලාවට තමන්ගේ ගෙදරදි වගේ තනියෙන් රූම් එකක් පාවිච්චි කරන්න අපට ලැබෙන් නෑ. තුන් හතර දෙනෙක් එක්ක තමයි රූම් එක ෂෙයා කරගන්න වෙන්නෙ. ඒ නිසා පොළවෙ තියෙන ඉඩ බොහොම අඩුයි. ඔයාට මේ නිසා රූම් එකේ බිත්ති ප්‍ර්‍රයෝජනයට ගන්න පුලුවන්. දැන් වෙළදපලේ විවිධ වර්ගයේ සිත් ගන්නා සුලු Hangers, Wall Hooks ගන්න තියෙනවා. මේ මඟින් ඔයා⁣ට සැහැල්ලු භාණ්ඩ සහ ඔයාගෙ ඇඳුම්, හෑන්ඩ් බෑගය, කුඩය රඳවන්න ඉඩක් හදාගන්න පුලුවන් වෙනවා.

රූම් එකේ ඉඩ ඇහිරෙන එකට තවත් විසඳුමක් මල්ටි පර්පස්ට ෆර්නිචර්. ඒ වගේම රූම් එකේ අවුල් සහගත බවෙන් මිදෙන්නත් මේ උපක්‍රමය වැදගත් වෙනවා. දියුණු තාක්ෂණයත් එක්ක දැන් මල්ටි පර්පස් ෆර්නිචර් ඉතා වේගවෙන් අපේ අතට එනවා. ඔයාට දවල් දවසට මේසයක් විදියටත් රාත්‍රි කාලයට ඇඳක් විදියටත් පාවිච්ච් කරන්න චෙයා බෙඩ් එකක් ගන්න පුලුවන්. ඒ වගේම ෆෝල්ඩින් ටේබල් එකක්, මේ ටේබල් එක ඔයාට අයන් බෝඩ් එකක්, පාඩම් කරන මේසයක් ⁣විදියටත් පාවිච්චි කරක්ක පුලුවන්. අදාල වැඩේ ඉවර වුනාම නමල ඇද යටට හෝ බිත්තියතට හේත්තු කරන්න පුලුවන්. මේ වගේ විවිධ වැඩ වලට හදපු මල්ටි පර්පස් ෆර්නිචර් වෙළෙඳපලට ගියාම ඔයාට ඕනි තරම් හොයා ගන්න පුලුවන්.

ඇඳ යටට අල්ලල රෝලර් කබඩ් එකක් ඔයාට හදා ගන්න පුලුවන්. දැන් වෙළදපලේ මේ වගේ කබඩ් ගන්න තියෙකවා. එහෙමත් නැතිනම් කබඩ් එකක් තියෙන ඇඳක් පාවිච්චි කරන්න පුලුවන්. වෙනත් විකල්පයක් ලෙස ඔයාට කාඩ් බෝඩ්, ප්ලාස්ටික් පෙට්ටියක ඔයාගෙ පාවහන්, පොත් පත්, ආදිය අසුරලා ඇඳ යට තියන්න පුලුවන්.

ඔයාට වොෂ් රූම් එකත් අනික් අයත් එක්ක ෂෙයා කරගන්න වෙනවා. ඒ නිසා කාලය කළමනාකරණය කරගන්නම වෙනවා. එහෙම නොවුනොත් ඔයාගෙ සාමාන්‍ය ජීවිතේ අවුල් වෙනවා. රූම් මේට්ලා එක්ක කතා කරලා ඉන්න ප්‍රමාණයට අනුව කාල සටහනක් හදාන්න. තමන්ගෙ වැඩ කර ගන්න. ඔයාට මෙයින් මානසික නිදහසක් ඇති වෙනවා.

ගෙදර ඉන්න වෙලාවටත් අපේ ජීවිත ස්වයං විනයක් එක්කනෙ ගෙවෙන්නෙ. ඒ වගේ නෙමෙයි පිටතදි අපට තදින් ඒ නීති රීති පිළිපදින්න වෙනවා.
බොහෝ වෙලාවට රාත්‍රි 10 පමන වෙනකොට ලයිට් ඕෆ් කරන එක නීතියක්.
සියළු දෙනාම පිරිසිදු කිරීම් වලට සහභාගී වෙන්නම ඕනි.
ඇඳුම්, පාවහන් තැන් තැන්වල දාන්න බෑ. ඊට අදාල තැන තියන්න ඕන.
කාලා, බීලා, උයලා ඉවත් කරන කුණු කසල නියමිත තැනට දාන්න ඕනි.
බාත් රූම් එක පාවිච්චි කර අවසානයේ පිරිසිදු කරන්න ඕනි.
කෑම උයන තැන, කෑම කන තැන තම තමන්ගේ වැඩේ ඉවර වුනාම පිරිසිදු කරන්න ඕනි.

මේ වගේ දේවල් පිළිබඳ අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනි. මේ අනුව අපේ දිනය වගෙම ලයිෆ් ස්ටයිල් එක ප්ලෑන් කර ගන්න ඕනි.

මේ ප්‍රශ්නය උදෑසන කාලයේ ඉතා තදින් දැනෙන⁣ දෙයක්. හැමෝම තම තමන්ගේ රැකියාවට, අධ්‍යාපන කටයුතු වලට ලහි ලහියේ යන්න සූදානම් වෙනවා උදේට. මේ නිසා වෙලාව කළමනාකරණය කර නොගත්තොත් විශාල පටලැවිලි ⁣ගොඩකට ඔයාට මූන දෙන්න වෙනවා. ඒ නිසා උයන පිහණ වැඩේට තමන්ටත් ටයිම් එකක් වෙන් කර ගන්න එක වඩා හොඳයි. රූම් මේට් එක්ක කතා කරල ඔයාට කියල ටයිම් එකක් වෙන් කර ගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here