මගේ කාර්යය අවසන් වෙමින් යනවා..- ජනපති

0
19

ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි. මේ වන විට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙන අතර අප දැන් ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි.

“අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action for our Nation and the Planet)” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ඊයේ ඇරඹුණු අතර එය මැයි 09වනදා දක්වා පැවැත්වේ.

ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමඟින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම මෙම දේශගුණික සමුළුවේ අරමුණයි.

විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ද මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර තිබෙන බවත් දේශගුණික විපර්යාස අවම කිරීමේ නීති සැකසීමේ දී ගෝලීය මූල්‍ය සංවිධාන විසින් පිළිගනු ලබන එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ඉන්දියන් සාගරයේ හා නිවර්තන කලාපයේ රටවල භූමිකාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීමද පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත දේශගුණික විපර්යයාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව ද පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here