මධ්‍යම අධිවේගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම ගැන විමර්ශනයක් | Saru News Media

0
16

වැඩ අවසන් වීමටත් පෙර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් කණු මත යොදන තිරස් කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කොළඹ සිට මීරිගම දක්වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී තිබුණේ පසුගිය 04 වනදායි.

2021 වර්ෂයේ දී කණු මත රඳවන ලද තිරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටී ඇති අතර, ඒ සමඟ කොන්ක්‍රීට් බාල්ක දෙකක් ද ඇලවී ඇති අයුරු දැකගත හැකියි.

මේ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම ප්‍රදේශයේ සැපයුම් මාර්ගය ද වසාදමා ඇති බවයි වාර්තා වුණේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here