මලාවියේ ඇලි ජනයාගේ කඳුළු කතාව – Saru News Media

0
6

ඇල්බිනිස්ම් (Albinism) තත්ත්වයෙන් පෙළෙන ඇලි මිනිස්සු ගැන ඔයාලා මීට කලින් අහලා දැකල ඇති. අද අපි කතා කරන්නේ ලෝකයේ එක් කොනක මෙවන් ඇලි තත්ත්වයකින් පෙළෙන මිනිසුන්ට සිදු වෙමින් පවතින සිත් සසල කරවන අකටයුතුකම් ගැනයි… 

 

ඇලිබව එහෙම නැත්නම් ඇල්බිනිස්ම් (Albinism) තත්ත්වය කියන්නේ සරලවම අපේ සමේ අඩංගු මෙලනින් කියන වැදගත් වර්ණකය නිපදවෙන එක සීමා කරන රෝගී තත්ත්වයක්. මෙලනින් වර්ණකය නිසා තමයි අපේ හිස කෙස්, ඇස්, ඇහි බැමි, ඇහි පිහාටු සහ සමහර වෙලාවට සමත් කළු පැහැති වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේ රෝගය හැදෙන්න පුළුවන් අය ගොඩාක් අඩුයි. විසි දාහක් ගත්තොත් එතනින් එක්කෙනෙක්ට වගේ අඩු මිනිස්සු ප්‍රමාණෙකට තමයි මේ රෝගී තත්ත්වය හැදෙන්නේ. මේක මිනිසුන්ට විතරක් නෙමෙයි, වෙනත් සත්තුන්ට වුණත් හැදෙන්න පුළුවන් රෝගයක්.

 

මේ ඇල්බිනිස්ම් රෝගයෙත් ලක්ෂණ ගොඩක් තියෙනවා. පළවෙනිම එක තමයි සුදු හා රෝස සමක්, නිල් හෝ සුදු ඇස් හා සුදු හිස කෙස් පිහිටීම . දෙවන රෝගී තත්ත්වය ගොඩාක් දුරට මුල් එකට සාමානයි. ඒකේ වෙනස වෙන්නේ කොණ්ඩය වෙනත් පැහැයක් ගන්න එක. ඒ කියන්නෙ රතු පාට හරි ත‍ඹ පාට වගේ පාටක්. තුන්වෙනි රෝග ලක්ෂණයත් දෙවනි එකට ගොඩාක් සමානයි. ඒකේ වෙනස ඇස් රතු පාට වෙන එක.  

 

මෙලනින් වර්ණකය හින්දා අපිට සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවක් ඉර අව්වට නිරාවරණය වෙලා ඉන්න පුළුවන්. ඒත් මෙලනින් අවශ්‍ය පමණට නිපදවෙන්නේ නෑනේ මේ ලෙඩේ නිසා. ඒක හින්දා මේ රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ට අව් රශ්මියේ ඉන්න ටිකක් අපහසුයි. ඔවුන්ට මීට අමතරව ඇස් අන්ධ වෙන්නත් පුළුවන්. ගොඩාක් දුරට සමේ ඇතිවෙන පිළිකා වලටත් මොවුන් හරියට ගොදුරු වෙනවා. මීට අමතරව ඔවුන් මුහුණදෙන මානසික පීඩනය, සමාජයෙන් කොන් වෙන එක ඔවුන්ට අර රෝග හැදෙන එකටත් වඩා වේදනාකාරී වෙන්න ඇති. 

 

මේ වගේ ගොඩාක් ඇලි රෝගයෙන් පෙළෙන මිනිස්සු ජීවත් වෙන්නේ මලාවි කියන රටේ. ඊට අමතරව තව අප්‍රිකානු රටවල් ගණනාවකත් මොවුන් ජීවත්වෙනවා. මේ තත්ත්වයෙන් පෙළන මිනිස්සු අනික් මහද්වීප වලත් ඉන්න පුළුවන් වුණත්, ඒ සම්භාවිතාව අප්‍රිකා මහද්වීපයට වඩානම් ගොඩාක් අඩුයි කියලයි වාර්තා වෙන්නේ…

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here