Google search engine
Home ගොසිප් පුවත් මහරගම කානුවක තිබී පාස්පොට් 150කට අධික තොගයක් හමුවෙයි

මහරගම කානුවක තිබී පාස්පොට් 150කට අධික තොගයක් හමුවෙයි

0
4

maharagama-passports

විදේශගත කරන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කොට දැනට ංසා දමා ඇති මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව පැවසෙන විදේශ රැකියා ආයතනයක තිබූ විදේශ ගමන් බලපත්‍ර 150කට අධික ප්‍රමාණයක් මහරගම ප්‍රදේශයේ කානුවක තිබී විශ්‍රාමික පොලිස් සැරයෙන්වරයකුට හමුවී තිබේ.මහරගම වත්තේ ගෙදර හන්දියේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් මේ වන විට වසා දමා එහි හිමිකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම ආයතනයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර තොගය මෙසේ මහරගම ප්‍රදේශයේ ජල බස්නා කානුවකට දමා එහි හිමිකරු පලා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.මෙම විදේශ රැකියා ආයතනය සදහා ලක්ෂ ගණනින් මුදල් ලබාදී විදේශ රැකියා නොලැබීමෙන් වංචාවට හසුවූ පුද්ගලයන් විසි දෙනෙකු පමණ මහරගම පොලිසියේ පැමිණිලි කර තිබූ අතර

සියයකට ආසන්න පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ද පැමිණිලි කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැකකරු මහරගම පොලීසියට කැඳවා පැමිණිලි විභාග කර ඇති අතර එහිදී ලබාගත් මුදල් යළි ලබා දෙන බවට පොලිසිය ඉදිරියේ ලිඛිතව පොරොන්දු වීම නිසා පැමිණිලි සමථයකට පත් කරගෙන තිබුණි.

එහෙත් පොරොන්දු වූ මුදල් යළි ලබා නොදුන් බවට යළි යළිත් පැමිණිලි ලැබීම නිසා සැකක අවස්ථා කිහිපයකදී නුගේගොඩ අධිකරණයට පවා ඉදිරිපත් කොට අධිකරණය හරහාද මුදල් ගෙවන ලෙසට නියෝග කර තිබේ. ඒ අනුව සුළු පිරිසකගෙ මුදල් යළි ලබා දුන්නද වැඩි පිරිසකගෙන් ලබාගත් මුදල් යළි ලබා නොදීම නිසා ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවා මුදල් වංචාවට හසුවූ පුද්ගලිය පැමිණිලි කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ ආයතනයට නිකුත් කර තිබූ බලපත්‍රය පවා අහෝසි කිරීමටද පසුගියදා පියවර ගෙන ඇත.

මෙලෙස සිය බලපත්‍රය අහෝසි කිරීම නිසා සැකකරු විදේශ රැකියා ආයතනය වසා දමා එහි තිබූ ගමන් බලපත්‍ර 150 පමණ මහමග අතහැර දමා ප්‍රදේශයෙන් පලා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.මේ අතර මිරිහාන පොලීසියේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය පොලිස් සැරයන්වරයකු බව පවසා පුද්ගලයකු මත්තේගොඩ පොලිසියේ උසස් නිලධාරීයෙකුට දුරකථන ඇමතුමක් දී තිබේ. එහිදී ඇමතුමෙන් පවසා ඇත්තේ” සර් මම මිරිහාන

පොලිසියේ වැඩ කරල දැන් පෙන්ෂන් ගියපු පොලිස් සැරයන්වරයෙක්, මම රට යන්න කියලා මහරගම වත්තේ ගෙදර ඒජන්සියයකට පාස්පෝට් එකයි සල්ලියි දුන්නා. නමුත් රට යන්න බැරි උනා, දැන් ඒජන්සිය වහලා.

ඒ නිසා මම දිගින් දිගටම ඒජන්සියට කතා කරලා සල්ලි ඉල්ලුවා දුන්නේ නෑ. ඊට පස්සේ මගේ පාස්පෝට් එක හරි දෙන්න කිව්වහම මට කිව්වා මහරගම අතුරු පාරක පාස්පෝට් එක තියන්නම් ගිහින් ගත්ත කියලා. ඒ අනුව මම එම ස්ථානයට ගිහින් බලද්දි ලොකු පාර්සලයක් තිබුණා ඒක ගලවලා බලද්දී එහි පාස්පෝට් 150 විතර තිබුණා. මේක අපි මීඩියා දාලා ප්‍රසිද්ධ  කරමු යැයි යෝජනා කර තිබේ.

එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මත්තේගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී නොතිබීමත් අදාළ පාර්සලය මත්තේගොඩ ප්‍රදේශයේ තිබී අහුලා නොගත් නිසාත් පොලිස් නිලධාරියා ඇමතුම දුන් පුද්ගලයාට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් වහාම මහරගම පොලිසියට ගොස් පැමිණිල්ලක් කරනා ලෙසටයි. එහෙත් මේ සම්බන්ධයෙන් මහරගම පොලීසියේ උසස් පොලිස් නිලධාරියකුගේත් විමසූ විට ඔහු පවසා සිටියේ මෙසේ විදේශ ගමන්බලපත්‍ර තොගයක් හමුවූ බවට කිසිදු පැමිණිල්ලක් ඊයේ (06දා) සවස් වනතෙක් ලැබී නොමැති බවය.

 ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here