මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
25

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට ගංවතුර හා අයහපත් කාලගුණයෙන් 120,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා. තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද කෙන්යානු රජය පවසනවා.

ධාරානිපාත වර්ෂාවෙන් මේ සතියේ ද නයිරෝබි අගනුවර 32 දෙනෙකු මිය ගියා. කලාපයේ අනෙකුත් රටවලට ද අයහපත් කාලගුණය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here