මාලදිවයින යළිත් ඉන්දියාවේ පිහිට පතයි

0
16

චීනයට පක්ෂපාතී වී ඉන්දියාව සමඟ අර්බුධයක් ඇති කර ගත් මාලදිවයින යළිත් ඉන්දියාවෙන් ආයාචනයක් සිදු කර තිබෙනවා.

ඒ සිය රටේ සංචාරයක කර්මාන්තය යළි ගොඩ නැගීම සඳහා සහය ලබාදෙන ලෙස ඉල්ලමින්.

ඒ අනුව මාලදිවයිනේ සංචාරක අමාත්‍ය ඊබ්‍රහිම් ෆයිසාල්, දෙරට අතර ඓතිහාසික සබඳතා අවධාරණය කරමින් දූපත් සමූහයට දිගටම පැමිණෙන ලෙසයි ඉන්දීය සංචාරකයින්ගෙන් ඉල්ලා ඇත්තේ.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ සිය රටට ඉතිහාසයක් ඇති බවයි.

අලුතින් තේරී පත් වූ අපගේ රජයට ඉන්දියාව සමඟ එකට වැඩ කිරීමට අවශ්‍ය බව ද ඔහු පවසා තිබෙනවා.

එබැවින් මාලදිවයින සැමවිටම සාමය සහ මිත්‍රශීලී පරිසරයක් ප්‍රවර්ධනය කරන බවයි ඔහු පවසා ඇත්තේ.

අපේ ජනතාව සහ රජය, ඉන්දියාවෙන් පැමිණෙන සංචාරයකයින්ට උණුසුම් පිළිගැනීමක් ලබා දෙනු ඇති බව ද ඔහු පවසා තිබුණා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here