මැණික්හින්න රෝහලේ ගැටුම – වෛද්‍යවරයාට ඇප – Saru News Media නවතම පුවත්

0
5

මැණික්හින්න රෝහලට හදීසි රෝග තත්ත්වකයට ප්‍රතිකාර ලබාගැනීමට පසුගිය 28 වැනිදා සවස පැමිණි රෝගියෙකුට සහ ඔහු සමග පැමිණි පාර්ශවයේ පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, මැණික්හින්න පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ වෛද්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී.ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේයි.

රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලෙසයි ඇය නියෝග කර ඇත්තේ.

ඇප මත මුදාහරින ලද සැකකාර වෛද්‍යවරයාට මැයි මස 8 වන දින යලිත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද විනිසුරු වරිය නියෝග කළ බව සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here