Google search engine
Home ගොසිප් පුවත් මැතිවරණයට පෙර හදිසි ‘සංවර්ධන ව්‍යාපෘති‘ වලට දේශපාලකයින් බැහැ කොමිසමෙන් වාරණයක්

මැතිවරණයට පෙර හදිසි ‘සංවර්ධන ව්‍යාපෘති‘ වලට දේශපාලකයින් බැහැ කොමිසමෙන් වාරණයක්

0
12

Govts-pre-poll-development-drive-met-with-stiff-resistance-from-Election-Commission

ජනාධිපතිවරණයට පෙර රජය කරගෙන යමින් පවතින හදිසි සංවර්ධන කටයුතු මැතිවරණයට පූර්ව ප්‍රචාරණයක් ලෙස සලකන බැවින් ඒවාට දේශපාලන මැදිහත්වීම මැතිවරණ කොමිසමේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවේ. මේ සඳහා නිලධාරීන්ට වැඩ කළ හැකි නමුත් දේශපාලන නියෝජිතයින් එවැනි කිසිදු කටයුත්තකට සම්බන්ධ වීම තහනම් කරන්නට යන බව අද (9) ඩේලි මිරර් වාර්තාවක දැක්වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමේ බලපෑම පිළිබඳව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් වන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) වෙතින් ලැබුණු පැමිණිල්ලක් මැතිවරණ කොමිසම මගින් සොයා බලා තිබේ.

විමධ්‍යගත අයවැය යටතේ වෙන් කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙවැනි සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම වැදගත් වුවද දේශපාලන සහභාගීත්වය  ව්‍යංගාර්ථ බලපෑමක් ඇති කරනු ඇතැයි පැෆරල් සංවිධානය අවධානය යොමු කළේය. එබැවින් කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට දේශපාලන වාසියක් අත් නොවන බව සහතික කිරීම සඳහා මේවා සිදුකරද්දී මැතිවරණ කොමිසමේ මැදිහත්වීම ඉල්ලා සිටියේය.

අඟහරුවාදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පැෆරල් සංවිධානය විසින් යවන ලද ලිපියේ දක්වා ඇති කරුණු නිරීක්ෂණය කළ අතර එවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් සඳහා කිසිදු දේශපාලනඥයෙකු සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ලිපියක් යොමු කළේය.

ප්‍රකාශයක් කරන මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ, මේ වන විට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බවයි.ජූලි 15 න් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ කටයුතුද මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇති බවයි.

“එසේ නම් අපි රජයෙන් ඉල්ලා සිටියේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කිසිදු ව්‍යාපෘතියකට අපේක්ෂකයින් සහභාගි කර නොගන්නා ලෙසයි. ඒ වගේම අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අපි අපේ ලිපියෙන් රජයෙන් ඉල්ලා සිටියා දේශපාලන සහභාගිත්වය එපා කියලා. සංවර්ධන ව්‍යාපෘති ඇනහිටුවීමට මැතිවරණ කොමිසමට අයිතියක් නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටියේ එවැනි ව්‍යාපෘති නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් ක්‍රියාත්මක කරන බවට සහතික වන ලෙසයි,” ඔහු පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here