Google search engine
Home ගොසිප් පුවත් මිනී තුනක් මරා වසර 18ක් සැඟව සිටි කුරු­ඳු­ම­ණ්ඩියේ උපුල් බිය­ග­මදී හසුවේ

මිනී තුනක් මරා වසර 18ක් සැඟව සිටි කුරු­ඳු­ම­ණ්ඩියේ උපුල් බිය­ග­මදී හසුවේ

0
22

මනුෂ්‍ය ඝාතන තුනක් සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ ඇප මත සිටි­යදී අධි­ක­ර­ණ­යන් වෙත ඉදි­රි­පත් නොවී, නම් සහ ලිපින වෙන­ස්කර වසර 18ක කාල­යක් සැඟව සිටි පුද්ග­ල­යකු බස්නා­හිර පළාත් බුද්ධි නිල­ධා­රීන්ගේ තොර­තුරු මත අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොලිස් මූල­ස්ථා­නය කියයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ වල­ස්මුල්ල, මෝද­ර­වාන, තමා­ඩුව ලිපි­නයේ වසර 18කට පෙර පදිං­චිව සිටි මාතර කංකා­නම්ගේ උපුල් නොහොත් කුරු­ඳු­ම­ණ්ඩියේ උපුල් නමැ­ත්තායි.

සැක­කරු අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී මාතර කම්කා­නම්ගේ උපුල් ප්‍රියංග යනු­වෙන් නම වෙනස් කර බිය­ගම, පේර­ග­හ­මුල ලිපි­න­යක තාව­කා­ලි­කව පදිං­චිව සිටි බව පොලි­සිය සඳ­හන් කරයි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු 2005 /2006 වස­ර­ව­ලදී වල­ස්මුල්ල පොලිස් වස­මේදී

මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් තංගල්ල, හම්බ­න්තොට මහා­ධි­ක­රණ වෙත ඉදි­රි­පත් නොවීම හේතු­වෙන් විවෘත වරෙන්තු කර තිබිණි.

බිය­ගම පොලි­සි­යට අනු­යුක්ත පො.සැ. (8234) කුමාර නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව මාස­යක පමණ කාල­යක් සැක­කරු සම්බ­න්ධ­යෙන් ආවේ­ශන රාජ­කාරී සිදු කර­මින් අන­න්‍ය­තාව තහ­වුරු කර ගැනී­මෙන් අන­තු­රුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් සිදු­කළ ප්‍රශ්න කිරී­මේදී වසර 20ක පමණ කාල­යක සිට

ඔහුගේ ගම් ප්‍රදේ­ශ­යට නොගොස් තැන තැන කුලී පද­නම මත දරුවා සහ බිරිය සමඟ ගත කර ඇති බවට අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි.

48 හැවි­රිදි සැක­කරු මහර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

(බණ්ඩා­ර­ගම – බිමල් ජය­සිංහ, මල්වාන – මහා­නාම විතා­නගේ)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here