Google search engine
Home ගොසිප් පුවත් මුරු­ත­ලාව විහා­ර­යක දොරක් කැඩූවැයි හිමි­වරු තුන්දෙනෙකු අත්අ­ඩං­ගු­වට

මුරු­ත­ලාව විහා­ර­යක දොරක් කැඩූවැයි හිමි­වරු තුන්දෙනෙකු අත්අ­ඩං­ගු­වට

0
14

Three-theros-were-arrested-for-breaking-a-door-in-a-Murutalawa-temple

මුරු­ත­ලාව ගොඩ­මු­දුන ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක දොරක් කඩා එහි කාම­ර­ය­කට හිමි­වරු තිදෙ­නෙකු ඇතුළු වූ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විහා­ර­වාසී හිමි­න­මක හා දායක සභාව කරන ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පැවැත් වූ පේරා­දෙ­ණිය පොලී­සිය අදාළ හිමි­ව­රුන් තිදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

හිමි­ව­රුන් තිදෙනා කාම­ර­යට ඇතුළු වීමෙන් පසු අදාළ කාම­රයේ තිබූ රුපි­යල් ලක්ෂ 10ක මුද­ලක් අතු­රු­දන් වී තිබෙන බවට ද පැමි­ණිල්ලේ සඳ­හන් වන බව පොලී­සිය පව­සයි.

කාම­ර­යට ඇතුළු වූ බව කියන හිමි­වරු තිදෙනා අත­රින් එක් හිමි­න­මක් කල­කට ඉහත දී මෙම විහා­ර­ස්ථා­නයේ වැඩ­වා­සය කර තිබෙන බවත් නොමනා ලෙස හැසි­රුණේ යැයි කියන සිද්ධි­යක් පද­නම් කර ගනි­මින් දායක සභාව විසින් 2012 වසරේ සිට එම හිමි­න­මට විහා­ර­ස්ථා­නයේ රැඳී සිටී­මට ඉඩ ලබා දී නොමැති බවත් පොලිස් පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී තිබේ.

විහා­රා­ධි­පති හිමි­නම අප­ව­ත්වී­මෙන් පසු අදාළ හිමි­නම විහා­ර­ස්ථා­නයේ කාම­ර­යක අයි­තිය ඉල්ලා අධි­ක­ර­ණ­යට ගොස් තිබෙන අතර දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු එහි හිමි­කම එම හිමි­න­මට ලැබී ඇත.

ඒ අනුව අදාළ හිමි­නම තවත් හිමි­ව­රුන් දෙදෙ­නෙකු සමඟ පෙරේදා (07) පස්ව­රුවේ විහා­ර­ස්ථා­න­යට පැමිණ තමන්ට අයි­තිය හිමිවූ කාම­රයේ අගුළු කඩා එයට ඇතුළු වී තිබේ.

දායක සභාව සහ එහි වර්තා­ම­නයේ වැඩ­වා­සය කරන හිමි­නම මෙයට විරෝ­ධය දක්වා පේරා­දෙ­ණිය පොලී­සි­යට සිද්ධිය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි කිරී­මෙන් පසු මුදල් සොර­ක­මක් සම්බ­න්ධ­යෙන් ද තොර­තුරු වාර්තා වීම හේතු­වෙන් අදාළ හිමි­වරු තිදෙනා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් පේරා­දෙ­ණිය පොලී­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

(අසේල කුරු­ළු­වංශ)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here