මුහුදු රළ ගැන අවවාදාත්මක නිවේදනයක් | Saru News Media

0
14

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි සඳහන් වන්නේ මේ නිසා මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල ‍යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here