මෙරට නිල සංචිත තවත් ඉහලට

0
8

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් අප්‍රේල් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 5යි දශම 4යි 3ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඉකුත් මාර්තු මසයෙදී මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4යි දශම 9යි 6ක් ලෙස පැවතුණා.

ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත වත්කම් සියයට 9යි දශම 6කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා දී ඇති ඩොලර් බිලියන 1යි දශම 4ක මුදලද මෙරට නිල විදේශ වත්කම්වලට ඇතුළත් වනවා. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here