මොනවද මේ Study Music? මේක කියන තරම්ම හොඳයිද? – Saru News Media

0
8

අද අපි කතාකරන්න හිතුවේ ටිකක් විතර වෙනස් විදියේ මාතෘකාවක් ගැන. ගොඩක් අය පුරුදු වෙලා ඇති පාඩම් කරද්දී සින්දු, මියුසික් අහන්න. සමහරුන්ට නම් එහෙම සද්ද බද්ද එක්ක පාඩම් කරන්න අමාරුයි. ඉතින් පාඩම් කරන වෙලාවට සින්දු අහන අයත් අහන්නෙ නැති අයත් හැමෝම වෙනුවෙන් අද අපි මේ ස්ටඩී මියුසික් ගැන කතාකරන්න හිතුවා.

 

ස්ටඩී මියුසික් කියන්නේ මොනවාද කියලා නම අහපු ගමන්ම තේරෙන්න ඕනෙනෙ. සරලවම කිව්වොත් පාඩම් කරන ගමන් ඉගැනුමට ප්‍රයෝජනවත් වෙන විදියට සංගීතය භාවිත කරන එක තමා ඉතින් ස්ටඩී මියුසික් කියන්නේ. ඉතින් මේක ගොඩක් අයට ගැලපෙන, සමහර අයට නොගැලපෙන දෙයක්. ඉතින් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන අපි ඊළඟට කතාකරමු. 

 

 

අපි අපේ කලින් පාඩම් කරන ආටිකල්ස් වල ලියලා තිබ්බ ඔයාලට මතක ඇති පාඩම් කරන ගමන් විනාඩි පහළවක විතර රෙස්ට් එකක් ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ රෙස්ට් කරන වෙලාව ඇතුළේ පාඩම් කරපු ස්ට්‍රෙස් එක එහෙම නැති වෙලා යන්න අහන්න මේ ස්ටඩී මියුසික් භාවිතා කරන්න. බ්‍රේක් එකෙන් පස්සෙ නැවත පාඩම් කරන්න ගන්නකොට නැවුම් මනසකින් පාඩම පටන් ගන්න මේක උදව් වෙනවා. 

 

මේක ටිකක් වෙනස් දෙයක්. සාමාන්‍යයෙන් ස්ටඩී මියුසික් පාඩම් කරන ගමන් අහන්න හොඳයි කියලාවත් හොඳ නෑ කියලවත් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. මේක හොඳ හෝ නරක වෙන්නෙ සාමාන්‍යයෙන් පාඩම් කරන කෙනා අනුව. ඉතින් ඒක තමන්ට හරියනවා නම් ඔයාට පුළුවන් පාඩම් කරන ගමන් මේ ස්ටඩී මියුසික් අහන්න. 

 

 

සරලවම කිව්වොත් ස්ටඩී මියුසික් එකේ තාලයට පාඩම් කරන්න. ඔයාගේ පොතේ තියෙන පාඩම ෆෝන් එකෙන් මියුසික් ඇහෙන තාලයට පාඩම් කරන්න. එතකොට ඔයට පාඩම් කරන එක ආසාවෙන් කරන්න පුළුවන්. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here