යාලුවො එක්ක රට ට්‍රිප් එකක් යන වැඩේ ලේසි කරගමු – Saru News Media

0
4

ප්ලෑන් ක​ළ තරමට ගියා නම් අපිත් හො​ඳ ට්‍රැවලර්ස්ල තමයි. එහෙ​ම වුනත් ඉතින් අපි අමාරුවෙන් කොහොමහරි ට්‍රිප් කීපයක් හරි ගියා නේ. ඉතින් දැන් කාලේ රටින් පිට ට්‍රිප් එකක් කියන්නේ ගහන්න අමාරු ටාගට් එකක් නම් නෙමෙයි. රට යන්න පාස්පෝට් එකයි වීසා එකයි අරගෙන, තැන් ටිකේ විස්තරත් හොයාගෙන ගියොත් ලොකු ටුවර් කොම්පනි නැතුවත් අපිට රට ගිහින්, සවාරියක් ගහලා එන්න පහසුව තියෙනවා. නේපාලේ පොකරා, ඉන්දුනීසියාවේ බාලි, තායිලන්තේ පුකෙට් පතායා, ඉන්දියාවේ මනාලි වගේ ප්‍රසිද්ධ තැන් වලට ගියාම අදා​ළ සංචාරක ආතල් ටික ගන්න ඕනි තරම් ලෝකල් ඒජන්සි තියෙනවා. ඉතින් අපිට ලොකු සැලසුමක් නැතුව ගියත් එහෙදි ඒ අදා​ළ ආතල් ටික සැපට ගන්න හැකියාව තියෙනවා එහෙට ගියොත්. ඒත් වෙනස්ම රටකදි ටිකක් සැලසුම් කරලා යන එක බජට් එකට වාසියි. ඒ වගේම සැලසුමක් ඇතුව ගියොත් අපිට ලැබෙන දවස් කීපෙක නිවාඩුවකින් සුපිරියට ප්‍රයෝජන ගන්නත් හැකියාව ලැබෙනවා. 

 

අවාසි ගැන නම් කියන්න ඕනි නැහැ නේ. එයාට එන්න වෙන්​නෙ නැහැ ට්‍රිප් එක යන්න. ඒත් එයා කැමතිත් නැහැ අපි එයා නැතුව ට්‍රිප් එක යනවාට. ඒකට නම් ඉතින් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයයි. අපි ටිකක් ෂුවර් කිහිප දෙනෙක් එකතු වෙලා පොඩියට යාලුවන්ගෙන් අහලා බලනවා ගමන ගැන. ඉන් පස්සේ රට යන අලුත් ට්‍රිපට කැමතිම අය විතරක් එකතු කරලා වයිබර්, වට්සැප්, එෆ් බී නැතිනම් මේල් ගෲප් එකක් හදාගන්නවා. ඒකෙදි ඉතින් කාටහරි මොනාහරි හේතුවක් නිසා යන්න වෙන් නැත්නම් හිමීට අයින් කරලා දාන එක අකමැත්තෙන් වුනත් කරන්න වෙනවා. ඉන්න ඕක්කොම හො​ඳම යාලුවෝ ටික එකතු කරගෙන අපිට ගමන යන්න හිටියොත් ඒක යන්න වෙන්​නෙ නැහැ. ඒ නිසා යන්න පුළුවන්කම තියෙන ටික දෙනෙක් හරි එකතු කරගෙන අපේ ගමන ගිහින් එ​න එක වටිනවා. 

 

කණ්ඩායමක් යනවනම් ගුවන් ටිකට්පත් බුක් කරද්දි ස​හ හො​ටෙල් බුක් කරද්දි අපිට වාසියි. පොඩි හෝටලේටක සෙට් වුනොත් හත් අට දෙනෙක් එනවා කිව්වම අපිට ටිකක් කතා බහ කරලා ග​ණන් අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට ටවුමකට බැස්සම සෙට් එකක්ම අපි එක්ක ඉන්නවා නම් අලුතින් තැනක් බලන්න, ​ට්‍රෙකින් එකක් යන්න, හයික් එකක් යන්න, බයිසිකල් ටුවරක් දාන්න, වෝටර් රාෆ්ටින් පාරක් දාන්න ආදී ඇක්ටිවිටි වලට අපේම ටීම් එකක් ඉන්නවා. අපේම ටීම් එකක් ඉද්දි අපිට ඒ තැන්වලින් ඩිස්කවුන්ට් ගන්න පුළුවන් වගේම අලුත් ඇක්ටිවිටි වලට යන්නත් වාසනාව ලැබෙනවා. 

 

දැන් රට යමු කිව්වම සමහරුන්ට ඕනි දඹදිව යන්න. තව අයට ඕනි ලිංගික සැප ගන්න තායි යන්න. තව අයට ඕනි ‘අඩේ අපේ ඔපිස් එකේ උනුත් ගිය නිසා’ බාලි යන්න. ඔය විදියේ ඉන්ටරෙස්ට් ගොඩක් තියෙන අය ඉන්නවා. හැමෝම එක​ඟ වෙන්නැති පොයින්ට් ගොඩකට ලංකාවේ ගෲප් එකක් සෙට් කරගනිද්දි මුහු​ණ දෙන්න වෙනවා. ඒ වෙලාවට අපිට වට්සැප්, වයිබර් ​හෝ අපි සෙට් වෙන චැට් ගෲප් එකේ පොඩි ​ඡන්දයක් තියලා අදා​ළ කාරණය ගැන තෝරාගන්න පුළුවන්. එතනදි වැඩි දෙනෙක් කැමති පළාත, වැඩි දෙනෙක්ට පුළුවන් දවස්, වැඩි දෙනෙක් ආස කරන ඇක්ටිවිටි ආදිය අපිට කලින්ම සිලෙක්ට් කරලා තියාගන්න පුළුවන්. 

 

බජට් එක කියන්නේ අපි වගේ රටක සෙට් එකකට මූලික දෙයක්. මොකද සුද්දගේ රටේ උදවියට නම් රට යද්දි එයාලගේ සල්ලිවල වටිනාකම වැඩියි. අපි රට යද්දි අපේ සල්ලිවල අගය අඩුවෙනවා මිසක් වැඩි වෙන්​නෙ නැහැ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා අපි ගන්න ෆන්, යන්න ඉන්න තැන්, ඒවායේ නවාතැන් ගාස්තු, ට්‍රාන්ස්පෝට් ගාස්තු ආදිය ටිකක් වැඩියෙනුත් එක්ක දාලා පොඩි ප්ලෑන් එකක් ගහගන්න ඕනි. ඉන් පස්සේ දළ වියදම කිව්වාම යාලුවො සෙට් එකට සල්ලි ටිකක් ලෑස්ති කරගන්න පොඩි කාලයක් ලැබෙනවා. අපිට ඉතින් ඉතුරු කරගන්න අමාරුම වුනත් ගෙදර අයගෙන්, වයිෆ්ගෙන්, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් නැත්තං ඔෆිස් මිත්‍රයෙක්ගෙන් පොලියට හරි කීයක් හරි ඉල්ලගන්න පුළුවන් කලින්ම වැඩේ දැනගත්තා නම්.. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here