යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
18

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අම්බලන්ගොඩ දිඹුල්දූව වෙනමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොඩි සුදූ යනුවෙන් හදුන්වන මෙම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 50ක් සොයා ගැනුනා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුයේ රත්ගම කරාව ප්‍රදේශයේදී හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර මහතා ඝාතනය කළ සමන් කොල්ලා යන අයට ඒ සඳහා ජංගම දුරකතනයෙන් මාර්ගය පෙන්වා දී ඇත්තේ මෙම සැකකරු බවයි.

මේ අතර බලපත්‍ර නොමැතිව විදේශයක නිෂ්පාදනය කළ ගිනි අවියක් හා පතොරම් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

පුත්තලම වයිඑන් වත්ත කුරිච්චිකුලම පාලවිය යන ප්‍ර දේශයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බී 12 ෂොට්ගන් වර්ගයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ 17ක් මෙසේ සොයා ගැනුනා.

රන්මාල කොල්ලකෑමේ නිරතවූ කැළණියේ කවී නමැත්තා යුද හමුදා සෙබලෙකු සමඟ තලංගම දී අත්අඩංගුවට ගැනුණා.

සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුන් දෙදෙනාම රන් මාල කොල්ලකෑම්වලට සම්බන්ධ බවට සීසීටීවී කැමරා දර්ශන අනුව තහවුරු වනවා.

සොරකම් කල රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ස්වර්ණාභරන හා විදෙස් මුදල් තොගයක් සමඟ සැකකරුවෙකු යක්කල පොලිසිය අත්අඩංගුවට ගත්තා.

නිවාසවල කිසිවෙකුත් නොසිටි අවස්ථාවලදී මොවුන් එම නිවාස වලට ඇතුළුවී මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා තිබෙනවා.

රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා සමඟ සැකකරුවෙකු හම්බේගමුවේදී පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් 6000ක් පමණ සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් ගංජා ගස් ගිනිතබා විනාශ කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here