යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරමක තොරතුරු හෙළිවෙයි – Saru News Media උණුසුම් පුවත්

0
11

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්‍රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාදෙන බව පවසමින් මෙම මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන බවයි හෙළිවී ඇත්තේ.

එසේ නොමග යවා එම රටවලට රැගෙන යන පුද්ගලයින් කුලී හමුදාවන්ට අනුයුක්ත කර කිසිදු පහසුකමක් ලබානොදෙන බවයි මේ වන විට හෙළිවී තිබෙන්නේ.

එමෙන්ම ඔවුන්ට යුද්දයේ දී බරපතළ තුවාල සිදුවීමක දී කිසිදු හව්හරණයක් නොලැබෙන අතර ඇතැම් පුද්ගලයින් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව ද වාර්තා වනවා.

එම ජාවාරමට හසුනොවන ලෙසත් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන්නන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් නාවික හමුදා මුලස්ථානය දැනුවත් කරන ලසයි නාවික හමුදාව ඉල්ලා සිටින්නේ.

0117192142 හෝ 0117192250 යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here