රටේ ජනතාවගේ සල්ලි කාපු ලෝකයේ නාස්තිකාරම ව්‍යාපෘති 06 – Saru News Media

0
12

රටක් යම් ව්‍යාපෘතියක් සඳහා මුදල් යෙදවීමට ආයෝජකයන් දිරිගැන්වීමක් හෝ තමන්ගේ රටේ ධනය හෝ යොදවන්නේ ඒ හරහා රටට, අනාගතයේ මතු යම් දවසක වාසිදායක තත්වයක් ඇති වේවි කියන බලාපොරොත්තුව ඇතිවයි.

දීර්ඝ කාලීනව හෝ කෙටිකාලීන ව්‍යාපෘති මගින් යම් රටක් තමන්ගේ රටේ යම් ක්‍රියාවක් සඳහා වැයකරන ධනය අඩුකරගැනීමට හෝ නව ආදායම් ඉපැයීමේ මාර්ග ඇතිකර ගැනීමටයි සාමාන්‍යයෙන් උත්සහ කරන්නේ.
උදාහරණයක් වශයෙන් ගත්තොත් විදුලි බලය නිශ්පාදනයට ස්වාභාවික සම්පත් මගින් ව්‍යාපෘති දියත් කිරීම, විශේෂයෙන්ම පෝට් සිටි වැනි සංචාරක හා ව්‍යාපාර ආශ්‍රිත නව්‍යකරණයන් අපේක්ෂා කරන ව්‍යාපෘති දක්වන්නට පුළුවන්.

හැබැයි ලෝක ඉතිහාසයේ නොයෙක් රටවලින් වාර්තා වූ දැවන්ත ව්‍යාපෘති තියෙනවා විශාල ධනයක් වියදම් කරලා ආරම්භ කලත් අවසානයේදී නිකම්ම අතහැරලා දාපු. මෙන්න ඒ වගේ ව්‍යාපෘතු කීපයක්.

මේක 2006 අවුරුද්දේ ජොහෝර් බාරු ප්‍රදේශයේ සිංගප්පූරුවට මායිම්ව ගොඩනගන ලද දැවැන්ත මහල් නිවාස ව්‍යාපෘතියක්. මැලේසියාවේ country gardens holdings PLC කියන සමාගම විසින් පටන් ගත්තා වුණත් බහුතර ආයෝජකයින් උනේ චීන සමාගම්. හත්ලක්ෂයකට පමණ පිරිසකට ජීවත් වෙන්න පුළුවන් විදිහට හෙක්ටයාර් 1370 ක භූමියක් පුරා මේ ව්‍යාපෘතිය ඉදිකළා. මේකේ නිවාස වලින් 80% ක්ම මිලදිගෙන තිබුණේ චීන ජාතිකයින්. ඉතිරි 20% ප්‍රමාණය තමයි මැලේසියානු ජාතිකයින් හා තවත් රටවල් 22ක ගැනුම් කරුවන් අතර බෙදී ගොස් තිබුණේ. මේ ව්‍යාපෘතිය එවකට ජොහෝර් වල සුල්තාන් ඊබ්‍රහිම් ඉස්මායිල් ගේ අනුමැතිය අනුව ඉදිකරලා 2016 දී එවකට අගමැතිව සිටි නජිබ් රසාක් විසින් විවෘත කරා. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 100ක්. මහල් නිවාස වල බහුලව පදිංචිව සිටියේ චීන ජාතිකයින් නිසා එහි මාර්ග පවා නම් කෙරුවේ චීන බසින්. ඒ හාම චීන මැන්ඩරින් බස සඳහා පාසල් ද 2019 දී ආරම්භ කළා.

කොහොම නමුත් මැලේසියාවේ දේශපාලනය නැවතත් මහතිර් මොහොමඩ් අතට පත් වුණාට පස්සේ ඔහු විදේශිකයන්ට මෙහි නිවාස මිලදී ගන්න එක තහනම් කළා. ඔහු සඳහන් කළේ “චීන කොලනියක් කිසි ලෙසකින්වත් තමන්ගේ රට තුළ ස්ථාපනය කරන්න ඉඩ දෙන්නේ නැහැ” කියලා. ඒ නිසාම චීන ජාතිකයින් මේ ප්‍රදේශය අතහැර ගියා. අද වෙනකොට මේකේ ජීවත්වෙන්නේ පුද්ගලයන් 500 කට අඩු ප්‍රමාණයක්. සියලුම ඉදිකිරීම් කටයුතු හා ව්‍යාපෘති අනාගතය මේ වනකොට සම්පූර්ණයෙන්ම ඇණහිටලා. මේ සදහා ආයෝජනය කළ චීන ජාතිකයින් මේ වනවිට මැලේසියානු රජයට එරෙහිව පියවර ගනිමින් ඉන්නා අතර නව ආයෝජකයන් මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීම අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කලා. මේ ව්‍යාපෘතිය සමග කටයුතු කල මැලේසියානු ජාතිකයින් 1000කට පමණ රැකියා අහිමිවෙලා. කොහොම නමුත් විශාල ධනස්කන්ධයක් ආයෝජනය කරමින් ආරම්භ කළ මේ වීයපෘතිය මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුදු අලියෙක් වී හමාරයි.

මියන්මාරය පහුගිය කාලය පුරාවටම දරුණු දේශපාලන අර්බුද තිබුණු රටක්. 2002 අවුුරුද්ද ආසන්නයේ පැවති මිල්ටරි පාලනය එහි අගනුවර වූ යැන්ගුන් නගරයට ආදර්ශකයක් ලෙස තවත් නගරයක් නම් කළා. ඒ ඔවුනට මුහුදු මාර්ගයෙන් හා ජාත්‍යන්තරයෙත් එල්ලවිය හැකි බලපෑම් හේතු කොටගෙන. මෙය රට ඇතුලත වෙන්න හදපු රහසිගත නගරයක් උනත් පස්සේ ඒක Nay Pyi Daw ලෙස නම් කළා. මංතීරු 20 කින් සමන්විත නවීන high way මාර්ග පද්ධතියක් සමග, කෞතුකාගාර, ස්මාරක, ගුවන්තොටුපල සහ නවීන හෝටල් 100 කින් යුතුවුන මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 4ක්. රජය බලාපොරොත්තු වුණේ මිලියන 7කට වැඩි ජනතාවක් සිටි යැන්ගුන් නගරවාසීන් මේ නගරය වෙත එයි කියලා. කොහොම නමුත් අද වෙද්දී මේකේ ජීවත් වෙන්නේ මිලියනයකටත් අඩු ජනතාවක්. එකට හේතු උනේ මේ නගරය හරියට සැලසුම් නොකිරීමයි. අධික වියදමක් දරමින් කොච්චර ලස්සනට හැදුවත් ජනතාව බලාපොරොත්තු උන ආකාරයෙන් අධ්‍යාපන පහසුකම් හෝ රෝහල් පහසුකම් මේකේ තිබුණේ නැ. ඒ නිසා මේ අගනගරය පාළුවට ගිය නගරයක් ලෙසටයි පත් වුණේ. මේකේ තියෙන අධිවේගී මාර්ගයේ වාහන යන්නේ කලාතුරකින්, නවීන හෝටල් සංකීර්ණ තාමත් හිස්, ගුවන් තොටුපළට දවසට එන්නේ මගින් 12කටත් අඩුවෙන්. ඒ නිසා මේක ඇත්තටම අද වෙද්දී ජනතාවගේ සල්ලි නාස්තිකල අසාර්ථක ව්‍යාපෘතියක් වෙලා තියෙනවා.

සුන්දර පරිසරයකට උරුමකම් කියන හවායි දේශයේ සිට එක් අන්තයකින් පර්ල් වරාය නාවික කඳවුර දක්වා, අනිත් පසින් මරින් කොප්ස් එයාර් ස්ටේශන් එක දක්වාත් තිබෙන කිලෝමීටර් 26 ක් දිග මෙම අධිවේගී මාර්ගය තවත් මුදල් නිකරුනේ වියදම් කළ ව්‍යාපෘතියක්. මේක පටන්ගත්තේ 1960 අවුුරුද්දේ. නමුත් පරිසර සංවිධාන හා හවායි හි ස්වදේශික ජනතාව මේකට විරුද්ධ වීම නිසා අතරමග නතර කරන්න වුණා. 1997 අවුරුද්දෙදි පරිසරයට අවම හානියක් වෙන විදිහට සකසන ලද මෙහි මාර්ගය ඉතාම සුන්දර පරිසරයක් හරහායි දිවයන්නේ. ඒ වගේම තමයි මේකට වැය වුණ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. ඒ කියන්නේ එක කිලෝමීටරයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක්. ලෝක ඉතිහාසයේ අධිවේගී මාර්ගයකට වැඩිම මුදලක් වැයවුණ මාර්ගය වුණේ මේක. 1960 දී මේක ඉදිකරන්න මූලික හේතුව විදිහට සඳහන් කළේ මේ මාර්ගය කෙළවරවල් දෙක අතර තියෙන හමුදා කඳවුරු සඳහා ගමන් කිරීම පහසු කරමින් ඒවායෙ ආරක්ෂාව තහවුරු කිරීමයි. හැබැයි වර්තමානයේදී එක්සත් ජනපදයට ඒ වගේ වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ වගේ මාර්ගයක අවශ්‍යතාවයකුත් ඔවුනට නෑ.

මේ මාර්ගය හදනකොට හවායි ජනතාව සතු පූජනීය ස්ථාන බොහොමයක් විනාශ වුණා. ඒ නිසා ඔවුන් මේ මාර්ගයේ ගමන් කිරීම පාපයක් ලෙසයි සලකන්නේ. ඉතිං විශාල මුදල් ප්‍රමාණයක් යොදවල හදපු මේ මාර්ගයේ දැන් යන්නේ පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති සංචාරකයින් සුළු පිරිසක් විතරයි. ඒ නිසා රටට විශාල ආදායමක් ලැබෙන්නෙත් නැති ව්‍යාපෘතියක් බවට අද වෙනකොට මේ Interstate H-3 අධිවේගී මාර්ගය පත්වෙලා තියෙනවා.

ස්පාඤ්ඤය කියන්නේ යුරෝපයේ තියෙන ප්‍රධානතම සංචාරක ගමනාන්තයක්. වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිනෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ගුවන්තොටුපලට වන අතර, එහි කාර්යබහුල දවස්වලට ගුවන්තොටුපළේ සම්පූර්ණ ධාරිතාව ඉක්මවා යනවා. මේකට විකල්පයක් විඳිහට තමයි නවීන පහසුකම්වලින් යුතුව මැඩ්රිඩ් වල ඉඳන් කිලෝමීටර් 200 දුරින් නව ගුවන්තොටුපල ඉදිකරන්නේ. මේකට ගිය මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. 2009 අවුරුද්දෙදි මේ ගුවන් තොටුපළ විවෘත කළත් බලාපොරොත්තු උන තරම් මගීන් මේකට ආවේ නැ. රජය බලාපොරොත්තු උන ආදායම හා ලැබුණ ආදායම අහසට පොලව තරම් පාඩු උනා. මේ නිසාම 2012 වසරේදී මේ ව්‍යාපෘතිය අදාල සමාගමත් එක්කම බංකොලොත් උනා. ඒ සමගම මේ ගුවන්තොටුපල මෙහෙයුම් සියල්ල ඇණ හිටියා. ඒ ලබාගත් ණය මිලියන 350 ක් ගෙවීමට තිබියදී. කොහොම නමුත් 2019 දී මේ ගුවන්තොටුපල මිලදී ගන්න සමාගමක් ඉදිරිපත් උනා. නමුත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කලේ යූරෝ 10,000ක තරම් අඩු මුදලක්. ඒ එතකොටත් මිලියන 350ක ණය මුදලත් ඔවුන්ටම ගෙවාගෙන යන්න සිදුවුණා නිසා. ඔවුන් මෙම ගුවන්තොටුපල ගුවන් යානා රඳවා ගැනීමේ අංගනයක් ලෙස නවීකරණය කර භාවිතා කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ යුකා කඳුවැටිය ආශ්‍රිතව න්‍යෂ්ටික අපද්‍රව්‍ය තැම්පත් කිරීම සඳහා භූගත පද්ධතියක් ඉදිකිරීමටයි මෙහි මුල්ම යෝජනාව ඉදිරිපත් වුණේ. ඒ 1987 අවුරුද්දේ. ජනාවාස වලින් ඈත පිහිටි මේ ප්‍රදේශය ඊට සුදුසුම ස්ථානය ලෙසයි විද්‍යාඥයින් විසින් යෝජනාකලේ. 2002 අවුරුද්දේ මේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එයට වැය වන මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 17 ඇස්තමේන්තු ගත කළා. ඇමරිකා එක්සත් ජනපදය සතුව න්‍යශ්ටික බලාගාර හා අත්හදා බැලීම් ස්ථාන 37 තිබුණත් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ස්ථානයක් තිබුණේ නැ. කොහොම නමුත් මේ ව්‍යාපෘතිය අවසන් අදියරේදී එනම් 2012 අවුරුද්දේ ඔබාමා රජයට පරිසරවේදීන්ගෙන් ඇතිවූ දැඩි බලපෑම් හේතුවෙන් ඒ සඳහා කමිටුවක් පත්කිරීම දක්වා දුර ගියා. මෙහිදී තහවුරු උනේ මෙවන් ස්ථානයක් සඳහා යුකා කදුකරය යොදාගැනිම ඒ අවට ජල ප්‍රභව වලට විශාල හානියක් සිද්ධකරන බවයි. නිසි සොයා බැලීමකින් තොරව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඉතිහාසයේ තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here