රනිල්ගේ මීලග විප්ලවය පවිත‍්‍රා කියයි..

0
17

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ විප්ලවය වී ඇත්තේ නවීන තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා ගොවිජනතාව සූදානම් කිරීම බව වාරිමාර්ග, වනවනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙන්නේ, සාම්ප්‍රදායික යල් පැන ගිය කෘෂිකර්මාන්තය ට, තිත තබා නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු කෘකෘෂිකර්මාන්තය ට ගොවි ජනතාව හැඩ ගැස්විය යුතු කාලය එළඹ ඇතිබවයි.

තම ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 10 ක මුදලක් ලබා දී ඇතිබව සඳහන් කරන වන්නිආරච්චි මහත්මිය එය මහවැලි ගොවි ජනතාව ලද ජයග්‍රහණයක් බව ද කියා සිටියාය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ රත්නපුර මහවැලි වලව විශේෂ බලප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන මත ආරම්භ කළ ( SMART AGRICULTURE PACKAGE ) සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්‍යල ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ජනතාව නගා සිටුවීම සඳහා සහනාධාර නොව, ඔවුන් ට ස්වාධීනව නැඟී සිටීම සඳහා ශක්තියක් ලබා දීම වැදගත් වන බවයි.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීමකට අනුව, මහවැලි කලාප ජනතාව ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදල් යටතේ සුහුරු තාක්ෂණ උපකරණ ප්‍රදානය කිරීම රත්නපුර ඇඹිලිපිටිය, වලව මහවැලි විශේෂ බලප්‍රදේශයේ දී සිදුකෙරිනි.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යල ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සවයකදී මෙලෙස සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම සිදුවිය.

එක් සුහුරු තාක්ෂණ උපකරණ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර එවැනි භාණ්ඩ කට්ටල 100 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ ගොවි පවුල් 100 වෙත සංකේතාත්මකව, ප්‍රදානය කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ට පියවර ගෙන තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් වැඩි දිවුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීම ටද පියවර ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here