රෆා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරවලින් 27 දෙනෙක් ජීවිතක්ෂයට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
18

ගාසා තීරයේ රෆා ප්‍රදේශය  ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් වූවන් අතරින් දස දෙනෙකු කුඩා දරුවන් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය නව යෝජනා මාලාවක් ලබාදී තිබෙනවා.

එම යෝජනා සඳහා හමාස් සංවිධානය එකග වන්නේ නම් රෆා ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත යුද මෙහෙයුම් අත්හිටුවන බවයි  ඊශ්‍රායලය නිවේදනය කරන්නේ.

එමෙන්ම  ඊශ්‍රායල ප්‍රහාරයන්ට එරෙහිව ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක විරෝධතා අතරතුරදී තවත් සිය ගණනක් සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 34,388 ක්.

තවත් 78000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here