රිලවුන් නිසා තම කර්මාන්තය තර්ජනයකට ලක්ව ඇති බව කිතුල් කර්මාන්තකරුවන් කියයි – Saru News Media දේශීය පුවත්

0
5

කිතුල් කර්මාන්තයට හානි කරන රිලවුන් පලවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි පාරම්පරික කිතුල් කර්මාන්ත කරුවන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා.

ඌව පරණගම ගම්පහ කෝරලයට අයත් මස්පන්න වෑතලාව,  ගලනිය,  යාලගමුව,  බඹරපනේ ආදී ග්‍රාම නිලධාරී වසම් 15ක පවුල් රැසකගේ ජීවනෝපාය වී ඇත්තේ කිතුල් කර්මාන්තයයි.

එහෙත් රිලවුන්ගෙන් එල්ලවී ඇති තර්ජන හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව එම කර්මාන්තයේ නිරත වන්නන් පවසනවා.

කිතුල් මල් කඩා දැමීම, කිතුල්ගස් වල තබා ඇති තෙලිජ්ජ මුට්ටි බිද දැමීම මෙන්ම තෙලිජ්ජ පානයට ද රිලවුන් පුරුදු වී සිටින බැවින් කර්මාන්තයේ නිරතවීම බරපතල ගැටලුවක් වී ඇති බවයි ඊට එක්ව සිටින පිරිස් පෙන්වා දෙන්නේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here