රේගු දෙපාර්තමේන්තුව දඩ නියම කළ සමාගම නොවන බව සියැට් කැළණි අවධාරණය කරයි – Saru News Media | Sri Lanka Business News

0
15

රේගු දෙපාර්තමේන්තුව සමඟ රේගු බදු සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත්, රේගු බදු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට හෝ දඩයකට මුහුණ නොදෙන බවත් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අවධාරණය කර ඇත.

ආනයනික අමුද්‍රව්‍ය සඳහා රේගු බදු නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදකයෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට සහ දඩයකට මුහුණ දෙන බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් සමාගම මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ගෙවිය යුතු රේගු බදු නොගෙවීම හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් පනවන ලද දඩ මුදල් ගෙවීම පැහැර හැර ඇත්තේ අප සමාගම නොවන බව සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් සමාගම තරයේ ප්‍රකාශ කරන බව එම නිවේදනය සඳහන් කරයි.

“සියැට් කැළණි සමාගම සිය ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී සිදු කළ යුතු සියළු ගෙවීම් ඇතුළුව සියලුම නීතිමය සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වන බවට අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට සහ මහජනතාවට සහතික වීමට අපි කැමැත්තෙමු,” යැයි ද සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here