ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානයේ පූර්ණ සහාය – Saru News Media දේශීය පුවත්

0
15

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනට පූර්ණ සහාය ලබා දෙන බවට ජපානය සහතික වුණා. මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ අමාත්‍යවරියයි මේ බව කියා සිටියේ.

ජපාන විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා.

විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ජපානයට අයත් වී ජේ ටී 369 ජී දරණ විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. ජපාන විදේශ අමාත්‍යවරිය සමග 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙරටට පැමිණ තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී කමිකාවා මහත්මිය පිළිගත්තේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක් විසින්.

ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශයේ දී දෙපාර්ශ්වය අතර ඒකාබද්ධ සාකච්ඡාවක් අද සවස පැවැත්වුණා.

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එහිදී සදහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සදහා ජපාන සහාය නිරතුරුවම ලබාදෙන බවයි.

(මගේ උපන් ගම ශිසුඕකා ප්‍රාන්තයයි. ඒ ප්‍රදේශය  හරිත තේවලට ඉතාම ප්‍රසිද්ධයි. හරිත තේ දේශයේ ඉදලා පළමු වතාවට ලංකා තේ දේශයට පැමිණීමට ලැබීම ලොකු සතුටක්. ශ්‍රී ලංකාවේ මීට වසර දෙකකට කලින් පැවති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා විවිධ අවස්ථාවල අපි දීමනා,  ආහාර ව්‍යාපෘති ලබාදුන්නා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය ගැන අපි රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා සිදුකළා. අපිට අවශ්‍ය කළේ ණය හිමියන් සමග සාකච්ඡා කර ඒවා ස්ථාවර කර ගනිමින් ඔබට සහාය දෙන්නයි.

ඉන්දු පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා දකින්න අපි කැමතියි. ජපානය ශ්‍රී ලංකාවේ පරම මිතුරා කියන්නත් අපි කැමතියි.

මේ ද්වීපාර්ශ්වික හමුවීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනන්න වගේම ඒ සදහා සහායදීමටයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ රටට දී තිබෙන නායකත්වය ගැන ජපානය සතුටු වෙනවා. අවසාන වශයෙන් කියනවානම්  මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ලංකාවට නිරතුරුවම ශ්‍රී සහාය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.)

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අලිසබ්රි මහතා.

(අපි ඉතා සතුටුයි ඔබතුමිය මෙරටට පැමිණිම ගැන. පහුගිය වසර 72ක කාලය තුළ දෙරට  අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පැවතුනා. ඒක අපි ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යන්න ඕනේ.

අද පස්වරුවේ අප දෙදෙනා දෙරටේ ද්වීපාර්ශ්වික සබදතා ගැන සකච්ඡා කළා. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජපාන ආර්ථික සහාය ගැන සාර්ථක පිළිතුරු ලැබුණා. නතරවී තිබෙන මෙරට  ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කරන්නට මෙතුමිය සහාය වෙන බව අපට පැවසුවා.

ඉන්දීය සාගර කලාප සහයෝගීතාව ඇතුළු කරුණු රැසක් පිළිබදව අපි අවදානය යොමුකළා. දැනට නැවතී තිබෙන එල්.ආර්.ටී ව්‍යාපෘතිය ආරම්භ කරන්නත් ජපානය අපිට සහාය දෙන්න පොරොන්දු වුණා. තවත් ව්‍යාපෘති යළි ආරම්භ කිරීම ගැනත් අපි සාකච්ඡා කළා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here