ලක්ෂ 30 කට ආසන්න වටිනාකමකින් යුතු ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
7

හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා හෙනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් හයදහසක් පමන තිබී ඇති අතර එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධික බව පොලීසිය ප්‍රකාශ කළා.

ගංජා හේන වගා කල සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here