Google search engine
Home ගොසිප් පුවත් ලොරි ඩ්‍රයිවර්ට වෘෂණ කෝෂ තුවාල වෙන්න පහරදුන් මැදවච්චිය OIC හා සැරයන්වරු දෙදෙනා

ලොරි ඩ්‍රයිවර්ට වෘෂණ කෝෂ තුවාල වෙන්න පහරදුන් මැදවච්චිය OIC හා සැරයන්වරු දෙදෙනා

0
18

medawachchiya-police-incident

රථ වාහන පරීක්ෂාවකදී ලොරි රථ රියදුරෙකු ලෙස සිටි තරුණයෙකුට අමානුෂික අයුරින් පහරදී බරපතළ තුවාල සිදු කර පසුව සිදු කළ ශල්‍යකර්මයකින් ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මැදවච්චිය පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ද මේ මස 15වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මැදවච්චිය මහේස්ත්‍රාත් නිමේෂා ධර්මදාස මෙනවිය ඊයේ (08දා) නියෝග කළාය.

සැකකාර ස්ථානාධිපතිවරයා එදිනට ආවරණ සහිතව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.සැකකරු සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීව ගුණරත්න මහතා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය තරයේ ප්‍රතික්ෂේප කරමින් සැකකරු මෙලෙස හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයට පත් කර සිටින මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරු දෙදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම ද තරයේ ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහෙස්ත්‍රාත් නිමේෂා ධර්මදාස මෙනවිය සැකකාර පොලිස් සැරයන්වරු දෙදෙනාද මේ මස (15දා) දක්වා යළි රිමන්ඩ් කරන ලෙසට නියෝග කළාය.

මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු වන මැදවච්චිය පූනෑව පලුගොල්ලෑව පදිංචිකරුවෙකු සහ මැදවච්චිය ඇටවීරගොල්ලෑව ඇතාකඩ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (8) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවු අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.

සිද්ධිය වන අවස්ථාවේ මැදවච්චිය පොලීසියේ සේවය කළ සැකකාර පොලිස් නිලධාරීන් තිදනා මේ වනවිට පදවිය සහ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානවල සේවය කරමින් සිටින බවද අධිකරණයට සැළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව එම සැකකාර පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කැබිතිගොල්ලෑව සහ පදවිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇතත් මෙතෙක් එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තයමින්තුවට භාරදී නැති බවද කීවේය.එම සැකකාර පොලිස් නිලධාරීන් ඊයේ (7) දින සිට සේවය වාර්තා කර නොමැති බට දැනගන්ට ඇති බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සියලු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයිද අයැද සිටියේය.
 උපාලි ආනන්ද

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here