ලොවක් ආදරය කළ හොග්වට්ස් තරුව පිය පදවිය ලබයි. – Saru News Media

0
8

ළමා කාලයෙන් නව යොවුන් වියට පා තබමින් හිඳියදී අපේ Crush List එකේ ඉහළින්ම හිටියේ ඔහු. ජේ. කේ රෝලින් ලෝකය පුරා මැවූ උන්මාදයේ ඉහළම තරු සලකුණ වුණේ ඔහු. නව යොවුන් කොලු ගැටයෙකු කාලයේ Harry Potter චරිතයට පණ පොවමින් වසර ගණනාවක් ඒ චිත්‍රපටි මාලාව හරහා ලෝකයේ ම හිඳින චිත්‍රපටි රසිකයන්ගේ හදවත් පැහැර ගත් Daniel Radcliffe ඔහු දැන් පිය පදවියට හිමිකම් කියන බව හෙළි කර තිබෙනවා.

33 හැවිරිදි Daniel Radcliffe , 38 හැවිරිදි ඇමරිකානු නිළියක් වන  Erin Darke සමඟ දශකයකට වැඩි කාලයක් පෙම් සබඳතාවක් ගෙන යනවා. ඔහු නිව්‍ යෝර්ක් නගරයේදී ඇය සමඟ ළදරු කරත්තයකින් කුඩා බිලිඳෙකු රැගෙන යන ඡායාරූප වේගයෙන් අන්තර්ජාලය පුරා පැතිර ගියා.

මෙම යුවළ 2012 දී Kill Your Darlings හි එකට වැඩ කරන අතරතුර මුණගැසුණු අතර දශකයකට වැඩි කාලයක් එකට ජීවත් වී තිබෙනවා.

ඩැනියෙල් 2020 දී එරින්ව මුණගැසුණු පළමු අවස්ථාව ගැන විවෘතව පැවසුවේ, ‘අපේ චරිත එකිනෙකා සමඟ කරන දේ නිසා දවසක අපේ දරුවන්ට පැවසීම නරක කතාවක් තියෙන්න පුලුවන්”‘ යනුවෙන් ඒ චිත්‍රපටියේ ඇති යුවළගේ ලිංගික දර්ශනයක් ගැන සඳහන් කරමින්.

පසුගිය මාර්තු මාසයේදී ඔවුන් දෙමාපියන් වන්නට යන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ වගේම පසුගිය වසරේ සඟරාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් අතරතුර තමන්ගේම කියා දරුවන් ලැබීමේ මිහිරියාව ගැන ද ඔහු විස්තර කර තිබුණා.

හැරී පෝටර්ගේ ළබැඳි මිතුරා වූ රොන්ගේ චරිතය නිරූපණය කරන රූපට් ග්‍රින්ට්ට ද මේ වෙද්දී දියණියක සිටිනවා.

 තවම විවාහ වී නැතත් එක් වී ජීවිතය ගෙවන ඩැනියෙන් එරින් යුවළට මේ බිලිඳා සමඟ ජීවන චාරිකාව අපූරු එකක් වේවි. පෞද්ගලිකත්වය හෙළි කරන්නට ඇති අකමැත්ත හෝ වෙනයම් හේතුවක් නිසා බිළිඳාගේ මුහුණ තවම මාධ්‍ය වෙත මුදා හැර නැහැ.

අපේ ළමා කාලය වර්ණවත් කරමින් අප සමඟ වැඩුණු ඩැනියෙල්ට ජීවිතයේ හොඳම චරිතය සාර්ථකව ගොඩ නගා ගන්නට සුබ පතමු!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here