ලොවෙන් අතුරුදහන් වූ ශිෂ්ටාචාර – ඉන්කා ශිෂ්ටාචාරය – Saru News Media

0
7

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇතුළු යුරෝපීයයන් ඇමරිකා මහද්වීපයට ගොඩබැසීමට පෙර එම මහද්වීපයේ දකුණු කලාපය පුරා පැතිරී ගිය සුවිශේෂී ශිෂ්ටාචාර අතරින් ඉන්කා ශිෂ්ටාචාරයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. කුඩා ගෝත්‍රයක් පදනම් කරගෙන ආරම්භ වුණ මෙම ශිෂ්ඨාචාරය කෙටි කාලයක් තුළ වර්තමාන ආජන්ටිනාව, කොලොම්බියාව ඇතුළු ප්‍රදේශ ගණනාවක භූමිය පුරා විහිදී ගියා. අපි අද මේ ලිපිය තුළින් ඉන්කා ශිෂ්ටාචාරයේ උරුමය පිළිබඳව කතා කරමු. 

ලොවෙන් අතුරුදන් වූ මායා ශිෂ්ටාචාරය ගැන පහතින් කියවන්න!

 

 

 

යුරෝපීයයන්ගේ පැමිණීමත් සමගම ඉන්කාවරුන්ගේ ඇදහීම් ක්‍රමය වෙනුවට කතෝලික ආගම ඔවුන් මත බලයෙන් පටවනු ලැබුවා. ඒ කෙසේ වෙතත් වර්තමාන දකුණු ඇමරිකානු කතෝලිකයන් තුළ පවා ඉන්කා ශිෂ්ටාචාරයේ බලපෑම දකින්නට පුළුවන්. යුරෝපය තුළ න්‍යෂ්ටික පවුල සංකල්පය ජනප්‍රිය වෙද්දී දකුණු ඇමරිකාවේ විස්තෘත පවුලට සමාජීය වශයෙන් වැදගත්කමක් හිමි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එසේම අද වන විට බොහෝ කතෝලික පූජ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ ඉන්කාවරුන්ගේ වන්දනාමාන වලට පාත්‍ර වුණ ගිරි ශිඛර මතයි.

 

ඉන්කාවරුන්ගේ ඇදහීම් වල ස්වර්ණමය රීති තුනක් පැවතුණා. සොරකම් කිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම සහ අලස වීමෙන් වැළකීම එම රීතී තුනයි. යම්කිසි පුද්ගලයෙකු මෙලොවදී මෙම රීති තුන අනුගමනය කළහොත් ඔහු මරණයෙන් මතු සදාකාලික උණුසුමක් පවතින සූර්යයාගේ දේශය වෙත යන බවත් මෙම රීති කඩ කරන පුද්ගලයින් සදාකාලික අඳුර සහ ශීත කාලගුණයක් පවතින පාතාලයක් වෙත යන බවත් ඉන්කාවරුන් විශ්වාස කරනු ලැබුවා. 

 

ඉන්කා ශිෂ්ටාචාරයට සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වූයේ කෘෂිකර්මාන්තයයි. පවුල් ගණනාවක් විසින් නඩත්තු කරන ලැබූ වගාබිම් සහ එම වගා බිම් වලට අධිපතිත්වය දරන ප්‍රභූවරුන් ගෙන් කෘෂි කර්මාන්තයේ පහළම ස්ථරය සමන්විත වුණා. මේ ආකාරයට ස්ථර කීපයකට බෙදී තිබුණු ඉන්කාවරුන්ගේ සමාජයේ  ඉහළම ස්ථානය හිමි වූයේ රජුටයි. මේ ආකාරයටම අනෙකුත් වෘත්තීන්වල යෙදුනු පිරිස් ද සංවිධානයව තිබූ අතර රැකියාව පියාගෙන් පුතාට උරුම වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here