ලොව ප්‍රමුඛතම ජර්මනියේ ‘Hannover Messe 2024’ කාර්මික වෙළෙඳ ප්‍රදර්ශනයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එක්වෙයි – Saru News Media | Sri Lanka Business News

0
14

ලෝකයේ ප්‍රමුඛතම කාර්මික වෙළඳ ප්‍රදර්ශනය වන ජර්මනියේ හැනෝවර් හි පැවති ‘Hannover Messe 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහභාගී විය. 2024 අප්‍රේල් 24 සිට 26 දක්වා පැවති මෙම ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකාව නිල වශයෙන් සහභාගී වූ පළමු අවස්ථාවයි.

ප්‍රොටෝකෝලයේ ප්‍රධානී මයිකල් රෝස් මහතා සහ නැගෙනහිර ජර්මනියේ මහජන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ Andrej Gross මහතා සහ Hannover Messe හි සංවිධායකවරයා වන Deutsche Messe හි බර්ලින් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු දූත පිරිස ‘Hannover Messe 2024’ වෙත පිළිගනු ලැබීය.

ව්‍යාපාර සඳහා කාර්මික තරඟකාරිත්වය සහ තිරසාරත්වය යන වැදගත් නවෝත්පාදනයන් පිළිබඳව අවබෝධයක් ලබ ගැනීමට මෙම වාර්ෂික වෙළඳ ප්‍රදර්ශනය වැදගත් ස්ථානයකි. මෙම වසරේ වෙළඳ ප්‍රදර්ශනයේ අවධානය යොමු වූයේ ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් බොහොමයක් ඔවුන්ගේ නවතම තාක්‍ෂණයන් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල නවෝත්පාදන ඉදිරිපත් කිරීමත් සමඟ කෘත්‍රිම බුද්ධිය (AI), හයිඩ්‍රජන් සහ තවත් බොහෝ අධි තාක්‍ෂණික විසඳුම් වැනි වර්ධනයන්ගෙන් ව්‍යාපාරවලට ප්‍රයෝජන ගත හැකි ආකාරයයි. . 2024 අප්‍රේල් 22-26 දක්වා, Hannover Messe විසින් රටවල් 150කින් අමුත්තන් 130,000කට වැඩි ප්‍රමාණයක්, ප්‍රදර්ශන සමාගම් 4,000ක්, ආරම්භක සමාගම් 300ක් සහ ලොව පුරා ආර්ථික හා දේශපාලන නියෝජිතයින් 300කට වැඩි පිරිසක් මීට සහභාගි වූහ.

Hannover Messe හි සංචාරයේ දී සිය ප්‍රධාන අවධානය යොමු වූයේ ඉහලපෙලේ ජර්මානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා අවස්ථා ගවේෂණය කිරීම සහ ජර්මනිය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජර්මන් ආයෝජකයින් දැනුවත් කිරීම බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම ප්‍රදර්ශණයට සහභාගි වෙමින් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සිය දේශනයේදී – ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ශ්‍රී ලංකාවේ මාවත” මැයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීය. පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගීතා සඳහා ඇති විභවයන් සියැසින් දැක ගැනීමට උනන්දුවක් දක්වන සියළු පාර්ශ්වයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ආරාධනා කළේය. ජර්මනිය යුරෝපයේ කාර්මික බලවතා වන බැවින් සහ අපනයන මූලික ආර්ථික වර්ධනය දිරිගැන්වීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සැලකිල්ලට ගෙන ජර්මනිය සමඟ වෙළෙඳ සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට මෙන්ම ජර්මනියටද බොහෝ ප්‍රයෝජන ගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා ජර්මනියේ ජාත්‍යන්තර ආර්ථික ප්‍රවර්ධන නියෝජිතායතනය වන ජර්මානු වෙළඳ හා ආයෝජන (GTAI) ආයතනයේ නියෝජිතයින් ද හමු වූහ. Mercedes-Benz, Bosch, සහ Würth වැනි බොහෝ ප්‍රමුඛ කර්මාන්ත සඳහා නිවහන ලෙස සැලකෙන Baden-Württemberg පළාතේ ආයෝජන ප්‍රවර්ධන ඒජන්සිය සහ හරිත හයිඩ්‍රජන්, වරාය උපදේශන සේවා, සමුද්‍ර සේවා, කෘෂිකර්ම ඉංජිනේරු උපකරණ සහ තොරතුරු තාක්ෂණ සේවා යන ක්ෂේත්‍රවල ජර්මානු ව්‍යාපාර කිහිපයක ප්‍රධානීන් ද හමුවිය. එහදි ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම, යුරෝපයේ කාර්මික වටිනාකම් දාමයන් සමඟ සම්බන්ධ කිරීම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සහ ව්‍යාපාරික නියෝජිතයින් හුවමාරු කර ගැනීම පිළිබඳව මෙම හමුවීම් වලදී සාකච්ඡා කෙරිණි.

ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, බර්ල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක සෙනුජා සමරවීර යන මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here