ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදි කරන්න ඩුබායි සූදානම් – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
19

ඇමෙරිකා ඩොලර් බිලියන 35ක වියදමින් ලොව විශාලතම ගුවන් තොටුපල පර්යන්තය ඉදිකරන බව ඩුබායි රාජ්‍ය නිවේදනය කරනවා.

නව පර්යන්තය ඉදි කිරීමෙන් පසු ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල වාර්ෂිකව ලොව වැඩිම ගුවන් මගී ධාරිතාවක් දැරිය හැකි ගුවන් තොටුපල බවට පත්වනවා.

වැඩ නිමවීමෙන් පසු එහි වාර්ෂික ගුවන් මගී ධාරිතාව සටහන් වන්නේ මිලියන 260ක් ලෙසයි.

නව පර්යන්තය වත්මන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල මෙන් පස් ගුණයක් විශාල වනවා.

වැඩ නිමවීමෙන් පසු සම්පූර්ණ ගුවන් තොටුපල සමාන්තර ගුවන් ධාවන පථ 5ක් හා ගුවන් යානා පිවිසුම් දොරටු 400කින් සමන්විත වනු ඇති.

ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිතයේ දී ලොව කාර්ය බහුලම ගුවන් තොටුපල ලෙස අඛණ්ඩව 10වන වරටත් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල පත්ව තිබෙනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here