ලෝකයෙන් අභිරහස් ලෙස අතුරුදන් වූ අවතාර දූපත් 7ක් – Saru News Media

0
4

අපි මේ කියන්න යන්නෙ අමුතුම විදිහේ දූපත් කිහිපයක් ගැනයි. මේ දූපත් හඳුන්වන්නේ අවතාර දූපත්, එහෙමත් Phantom Islands නමින්. මේ දූපත් කාලයක් ලෝකේ තියනවයි කියල විශ්වාස කරපු, ලෝක සිතියම් වල සටහන් වෙලා තිබුණ දූපත්. නමුත් මේ වෙනකොට මේ දූපත් පෘථිවි තලයෙන් වගේම සමහර සිතියම් වලිනුත් ඉවත් වෙලයි තියෙන්නේ. ඒ ඇයි කියලා මේ ලිපිය කියවද්දි ඔයාලට තේරෙයි.

 

ලෝකයේ ඉහළම කෙළවරේ පිහිටපු දූපතක් හැටියට තමයි ඈත අතීතයේදි තූලී දූපත සැලකුවේ. තූලී දූපත ගැන පල වන වාර්තා ක්‍රි. පූ 4 වන සියවස දක්වා ඈතකට දිවයනවා. ග්‍රීක දේශ ගවේෂකයෙකු වූ පයිතියස් ගේ ගවේෂණ වාර්තා වල තමයි මේ අපූරු දූපත ගැන මුලින්ම සටහන් වෙන්නේ. ගොවිතැනින් දිවි ගැටගහගන්නා, නොදියුණු ජන කොට්ඨාසයක් ජීවත් වන මේ ශීතල දූපතේ, ග්‍රීස්ම සෘතුවේදී රාත්‍රී කාලයක් උදා නොවෙන බවටත් පයිතියස් සටහන් තබා තිබුණා. ක්‍රි.ව 100දී ටොලමි විසින් නිර්මාණය කරපු ලෝක සිතියම් වල බ්‍රිතාන්‍යයට ඉහළින් මේ තූලී දූපත ඇඳ තිබූ බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මේ දූපත ගැන කිසිදු තොරතුරක් අද වන තුරුත් දැනගන්නට නොමැති අතර තූලී දූපත පයිතියස් විසින් නිර්මාණය කරන ලද මනඃකල්පිත දූපතක් බවටත් සමහරු විශ්වාස කරනවා. තවත් සමහරු විශ්වාස කරන්නේ පයිතියස් තූලී දූපත යැයි වරදවා වටහාගත්තේ නෝර්වේ හෝ අයිස්ලන්තය බවයි.

 

ක්‍රි.ව 16 වන සියවසේදී පමණ ලෝක සිතියම් වල සටහන් වී තිබුණ දූපතක් තමයි මේ අයිල් ඔෆ් ඩීමන්ස් දූපත. මේ දූපත හඳුන්වපු නමේ හැටියටම එහි ජීවත් වුණා යැයි කියන්නේ අමනුෂ්‍ය මෘග ජීවීන් කොට්ඨාසයකුයි. මේ දූපත ගැන කතා කරළියට එන්නට පටන් ගන්නේ මාගරීට් ඩි ලා රොක් නැමැති ප්‍රංශ ජාතික කාන්තාවකට මේ දූපතේදී විඳින්නට වූවා යැයි කියන භයානක අත්දැකීමකින් පසුවයි. නාවික ගමනක් අතරතුරදී මේ දූපතට ඇයත් ඇගේ පෙම්වතාත් මෙහෙකාරියත් ගොඩ බැස තිබෙනවා. පෙම්වතාව සහ මෙහෙකාරියව දූපතේ යක්ෂයින් විසින් මරා දමනු ලබන අතර ඇයටද නොයෙකුත් හිරිහැර ඔවුන් අතින් සිද්ධ වී තිබෙනවා. කෙසේ නමුත් අවසානයේදී ධීවරයන් පිරිසකට ඇයව හමුවූ නිසා නැවත තමන්ගේ මවු රටට බේරී පළායාමට මාගරිට් සමත් වී තිබෙනවා.

මාගරිට්ගේ මේ කතාව ඇසුරින් නොයෙකුත් කෘතීන්ද ලියැවී තිබෙනවා. කෙසේ වෙතත් ඇය විසින් සඳහන් කර ඇති යක්ෂයන්ගේ දූපත නම් තවම සොයාගැනීමට හැකි වෙලා නැහැ. මෙය මාගරිට්ගේ හිතලුවක්ද? නැතිනම් ඇත්තක්ද? එහෙමත් නැතිනම් ඇය යක්ෂයින් යැයි රැවටුනේ දූපතක විසූ ගෝත්‍රික පිරිසකටද යන්න අදටත් අභිරහසක්.

 

1840 ගණන් වලදී මේ ටුඅනාකි දූපත ගැන පොලිනීසියානු සහ යුරෝපියානු ජාතික ගවේෂකයින් කිහිප දෙනෙක්ම වාර්තා කර තිබුණා. මේ දූපතට ගොඩ බට සමහරුන් කියලා තිබුණේ මේ දූපතේ ඉතාම මිත්‍රශීලී ස්වදේශිකයින් පිරිසක් වාසය කරන බවයි. මේ තොරතුරු ඔස්සේ යුරෝපීය නාවුකයින්ට සහ දේශ ගවේෂකයින්ට මේ අලුත් දිවයින සොයා යාමේ මහත් ආශාවක් ඇතිවෙලා තිබුණා. කුක් දූපත ආසන්නයේ පිහිටියාය කියන මේ දූපත සොයාගෙන 20 වන සියවස දක්වා නොයෙකුත් අය ගවේෂණ වල නියැලුනත් ටුඅනාකි දූපත සොයාගන්නට කිසිවෙක්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා සමහරු විශ්වාස කරන්නේ ගිනි කඳු පිපිරීමක් නිසා මේ දූපත මුහුදු පත්ලේ ගිලී යන්නට ඇති බවයි.

 

මෙක්සිකානු බොක්කට ආසන්නයේ පිහිටියේයැයි කියන බර්මේහා දූපත ක්‍රි.ව 15 සිට 20 වන සියවස දක්වා ලෝක සිතියම් වල සටහන්ව පැවති දූපතක්. මේ දූපත ගැන ලියවී ඇති අතීත සටහන් වල මේ දූපත ඈතට රතු පැහැයෙන් යුක්තව දිස්වෙන බවට සටහන් වී තිබුණා. එතරම් අවධානයකට ලක් නොවී තිබුණ මේ දූපතට හදිසියේ ඉමහත් වටිනාකමක් ආරෝපණය වන්නට පටන් ගන්නේ 2008 විතර වෙනකොටයි. මේ දූපතේ අයිතිය තහවුරු කරගැනීම මගින් අවට මුහුදේ තෙල් නිධි කැණීමට ඇති තමන්ගේ සීමාව පුළුල් කරගන්නට මෙක්සිකානුවන් උත්සාහ කරනවා. නමුත් අවාසනාවට ඔවුන්ට මේ දූපත සොයාගන්නට ලැබෙන්නේ නැහැ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා මෙය ගිලී යන්නට හෝ සිතියම් සටහන්කරුවන්ගේ දෝෂයක් නිසා මේ දූපත මැකී යන්නට ඇතැයි සමහරු කියනවා. තවත් අය මත පළ කරන්නේ මෙක්සිකානුවන් විසින් බර්මේහා දූපත අයිති කරගනු වළක්වන්නට අමෙරිකානුවන් විසින් බෝම්බ හෙලා එය විනාශ කරන්නට ඇති බවයි.

 

ලෝක සිතියමේ ඕස්ට්‍රේලියාවට සහ නව කැලිඩෝනියාවට ආසන්නයෙන් සටහන් වෙලා තිබුණ දූපතක් තමයි සැන්ඩි අයිලන්ඩ් කියන්නේ. මේ දූපත ගැන මුල් වරට සඳහන් කරන්නේ 1770 ගණන් වලදී මේ ආසන්නයෙන් සංචාරය කරපු ජේම්ස් කුක් නම් බ්‍රිතාන්‍ය ගවේෂකයායි. ඊට පස්සේ ආයෙමත් 1870 ගණන් වලදී වෙලෝසිටි නැමති තල්මසුන් ඇල්ලීමේ නැවක සිටි පිරිසක් මේ දූපත දැක්ක බවට වාර්තා කරල තියනවා. ශත වර්ෂයකටත් අධික කාලයක් තිස්සේ මේ දූපත සැබෑවටම පවතින දූපතක්ය කියල විවිධ සිතියම් වලට මේ දූපත ඇතුළත් කරලත් තියනවා. ඒ විතරක්ද, ගූගල් සිතියම් වලත් මේ කියන සැන්ඩි අයිලන්ඩ් එක සටහන් වෙලා තිබිල තියනවා.

2000 වසරේදි මේ දූපත ආසන්නයෙන් යාත්‍රා කරමින් හිටපු හැම් රේඩියෝ පිස්සො සෙට් එකකට තේරෙනවා සිතියමේ හැටියට මේ විදිහෙ දූපතක් නැතිය කියලා. ඔවුන් මේ ගැන පණිවුඩයක් මගින් දැන්වුවත්, ඕස්ට්‍රේලියානුවන් සැන්ඩි දූපත සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නෙ ඊට අවුරුදු 12ක් විතර ගිය තැනයි. එතැනදී මේ විදිහේ දූපතක් ඇත්තටම නැහැ කියලා ඔවුන් පරීක්ෂණ හරහා නිගමනය කරනවා. මේ ආසන්නයෙන් ගමන් ගත් අය දූපතක්ය කියලා රැවටුනේ ගිනි කඳු පිපිරීම් වලින් එකතු වන යමහල් පාෂාණ එකතුවකටය කියලයි ඔවුන් විශ්වාස කරන්නෙ.

 

ඇන්ටිලියා කියන්නේ ක්‍රි. ව 15 වන සියවසේ සිතියම් වල සටහන් වී තිබුණ දූපතක්. අත්ලාන්තික් සාගරයේ ආසියාවට සහ යුරෝපයට අතරමැදිව තමයි මේ දූපත සටහන් වෙලා තිබුණේ. ඒ විදිහට සිතියම් වල මේ දූපත සටහන් වෙන්නට කලින් සිට මේ දූපත සම්බන්ධව ඉතාම රසවත් පුරාවෘත්ත පැතිරිලා තිබුණා. ඒ කතන්දර වලට අනුව පිරිසිදුම ක්‍රිස්තියානි ධර්මය ආරක්ෂිතව ඉතිරිවෙලා තිබිලා තියෙන්නෙ මේ දූපතේ තමයි. ක්‍රිස්තු වර්ෂ හත්සිය ගණන් වලදී අයිබීරියානු අර්ධද්වීපයට එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් පළායන ක්‍රිස්තියානු පූජකවරුන් ඇතුළු පිරිසක් අත්ලාන්තික සාගරය දිගේ යාත්‍රා කරද්දි මේ දූපත හමුවූ බවටයි පුරාවෘත්ත වල කියවෙන්නේ. ඔවුන් විසින් මේ සුන්දර දූපතේ නගර පිහිටුවාගෙන කිතු දහම අභ්‍යාස කරමින් ජීවත් වූ වගටයි පැවසෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here