ලෝකයේ තියෙන වැඩි දෙනෙක් නොදන්නා ආගම් – Saru News Media

0
6

අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම ආගමක්ම පාහේ තමන් විතරක් සත්‍යයි කියලා අනෙක් ආගම් විවේචනය කරනවා. ඇතැම් අවස්ථා වල නම් මේ විවේචන වචනවලින් නොනැවතී යුද්ධ දක්වා දිග්ගැස්සිලා තියනවා. ලංකාවේ අපිටත් ඒ වගේ අර්බුදකාරී අවස්ථා නුහුරු නුපුරුදු ඒවා නම් නෙමේ. මේ නිසා අපි හිතුවා අපි දන්න කියන ආගම්වලින් එහාට ගිහිල්ලා ලෝකයේ පිරිස් අදහනු ලබන ආගම් කීපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙතට ගෙන එන්න.

 

ස්කැන්ඩිනේවියානු රටවල අද වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම ආගම සඳහා පදනම වන්නේ පුරාණ ජර්මානු දේව ආගමුයි. වනීර් ලෙස හැඳින්වෙන දේව සමූහයා වන්දනාමාන කිරීම මෙම ආගමේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාස සම්පූර්ණයෙන් පාහේ ගොඩනැඟෙන්නේ ජනප්‍රවාද මත පදනම්වයි. කෙසේ නමුත් මෙම ආගමික අදහස් රටින් රටට වෙනස් ස්වභාවයක් ගන්නවා. උදාහරණයක් විදිහට නෝර්වේ සහ ස්වීඩන් රටවල මෙම ආගම අදහන පිරිස් ඇමරිකානු සහ ආර්මේනියානු ජනතාවගේ අසාටෘ අදහස් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

 

හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO දර්ශනය වීමත් සමඟ මෙම ආගම සඳහා පදනම වැටුණු අතර 1970 දී ක්ලෝඩ් වොරිහෝන් නම් පුද්ගලයා විසින් මෙම ආගම ආරම්භ කළ බව කියැවෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි මිනිසා යනු පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වන අතර මිනිසාට මඟ පෙන්වීම සඳහා ආගමික ශාස්තෘවරුන්ගේ වේශයෙන් පැමිණෙන්නේද පිටසක්වල ජීවීන්ගේ විශේෂිත නිර්මාණ කීපයකුයි.

 

දැනට ලෝකයේ පවතින අඛණ්ඩව අදහනු ලබන පැරණිතම ආගම ලෙස සැලකෙන්නේ සොරස්ත්‍රියානු ආගමයි. වර්තමාන ඉරානය මුස්ලිම්කරණයට ලක් වීමට පෙර එම ප්‍රදේශය තුළ මෙම ආගම ප්‍රබල මට්ටමේ පැවතුණා. මේ නිසාම අද දක්වාම ඉරානය තුළ මේ ආගම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි පසුකාලීන බොහෝ ආගම් සඳහා සොරස්ත්‍රියානු ආගමේ ආභාෂය ලැබී තිබෙනවා. ඔවුන්ට අනුව ලෝකය නිර්මාණය කොට ඇත්තේ අහුරා මස්ඩා ලෙස හැඳින්වෙන බලසම්පන්න දෙවියෙකු අතිනුයි.

 

බ්‍රසීලය වෙත පැමිණි අප්‍රිකානු ජාතිකයන් විසින් මෙම ආගම නිර්මාණය කෙරී තිබෙනවා. මෙම ආගමික සම්ප්‍රදාය අධ්‍යයනය කළ විද්වතුන් පවසන ආකාරයට අප්‍රිකානු ජන ඇදහිලි සහ බ්‍රසීලයේ ප්‍රබලව පැවැති රෝමානු කතෝලික ආගමේ විශ්වාස එකට මුසු වීමෙන් මෙම ආගමේ ආරම්භය සිදුවී තිබෙනවා. එම ආගම අදහන පිරිස් සුවිශේෂී හැකියාවන් සහිත ආත්ම ගැන විශ්වාසය තබන අතර ඔවුන්ට රෝමානු කතෝලික ආගමේ ශාන්තුවරයන් හා සමාන බලයක් හිමිවන බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම සියලු භූතාත්ම ලෝක නිර්මාපක දෙවියකු යටතේ සිටින අයවලුන් පමණයි. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය පිළිබඳව වගකියන බාහිර භූතාත්මයක් පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here