ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති රටවල් – Saru News Media

0
9

ලෝකයේ අපි හැමෝවම එකිනෙකාට සම්බන්ධ කරවන අපූරු තාක්ෂණයක් තමයි අන්තර්ජාලය කියන්නෙ. අන්තර්ජාලයෙන් එකිනෙකාව සම්බන්ධ කරවනවා කිව්වේ තොරතුරු හරහා අපි එකිනෙකාට සම්බන්ධ කරවනවා කියන එකයි. ඉස්සර කාලේ රටවල් අතර තොරතුරු හුවමාරුව සිද්ද වුණේ ඉතාම මන්දගාමීවයි. ඒත් දැන් අන්තර්ජාලයට පින් සිද්ද වෙන්න ලෝකේ ඕනම අස්සක මුල්ලක වෙන ඕනම දෙයක් අපිට ඒ ක්ෂණයෙන් දැනගන්න හැකියාව ලැබිල තියෙනවා. හැබැයි ඉතින් ඕනම දෙයක වාසි අවාසි කියල කොටස් දෙකක් තියෙනවනේ. අන්න ඒ වගේ මේ කාරණාව සම්බන්ධයෙනුත් වාසි සහ අවාසි කියල කොටස් දෙකක් තියෙනවා. හැබැයි අපි අද කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. අපි අද කතා කරන්නේ ලෝකයේ වැඩිම වේගයකින් අන්තර්ජාල පහසුකම් ලබාදෙන රටවල් ගැන. ඉතින් කවුරුවත් ලංකාව කියන රට එහෙම මේ ලිස්ට් එකේ හොයන්න ඔට්ටු නෑ ඔන්න. ලිස්ට් එකට යන්න කලින් කියන්න ඕනේ මෙන්න මේ දේත්. ඒ තමයි ඕනම රටක අන්තර්ජාල සම්බන්ධතාවල වේගය තීරණය වෙන්නෙ සාධක කිහිපයක් මත. ඒ යටිතල පහසුකම්, සබ්මැරීන් කේබල්, රටේ විශාලත්වය සහ ඒ සඳහා වන ආයෝජන වගේ සාධක. ඉතින් ඒ සාධක ඉහළින්ම සම්පුර්ණ කරපු රටවල් තමයි මේ ලිස්ට් එකේ තියෙන්නෙ.

 

 

සිංගප්පූරුව කියන්නෙ ඉතාම කෙටි කාලයකදී සීග්‍ර දියුණුවක් අත්පත් කරගත්තු රටක්. විශේෂයෙන් ඉතා ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත රටක් තමයි සිංගප්පූරුව කියන්නෙ. ඉතින් මේ ලිස්ට් එකේ පළවෙනි තැනට ආවා කියන එකේ පුදුමෙකුත් නෑ ඒක අතකට. ඉතින් සිංගප්පූරුවේ අන්තර්ජාල වේගය (ස්ථාවර) 226.6 mbps වගේ ඉහළ අගයක පවතිනවා. සිංගප්පූරුවේ ජනගහණය මිලියන 5.9කට කිට්ටුයි. මේ රටේ මොබයිල් ස්පීඩ් එකත් 60.52 mbps වගේ අගයක පවතිනවා. ඒ වගේම සිංගප්පූරුව ඉතාම කුඩා රටක් වීමත් මේ විදිහට වේගවත් අන්තර්ජාල පහසුකම් සඳහා බලපාලා තියෙනවා.

 

ලෝක ජනගහණ දර්ශකයේ අංක 104 තැන ඉන්න හොංකොං රාජ්‍යය තමයි මේ ලිස්ට් එකේ දෙවෙනි තැන අරන් තියෙන්නෙ. හොංකොං වල ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවයේ (Fixed Broadband) වේගය 210.73 mbps ක් වෙනවා. මොබයිල් ස්පීඩ් එක 5.96 mbps ක් වෙනවා. හොංකොං වල ජනගහණය මිලියන 7.5ක් වගේ තමයි වෙන්නෙ. හොංකොං වල 5G තාක්ෂණයත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ රටේ අන්තර්ජාල සේවාවන් වෙනුවෙන් කරලා තියෙන විශාල ආයෝජන ප්‍රමාණයත් මේ සඳහා ප්‍රබල සාධකයක්.

 

මේ රටේ වැසියන් රට අතහැර යාම නිසා ජනගහණ වර්ධන වේගය ඍණ අගයක් වෙලා තියෙන රටක් තමයි රුමේනියාව කියන්නෙ. කොහොම වුණත් මේ රට වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන රටවල් අතරින් තුන්වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. රුමේනියාවේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් වල වේගය 193.47 mbps ලෙස සඳහන් වෙනවා. ඒ වගේම ජංගම අන්තර්ජාල පහසුකම් වල වේගය 40.35 mbps ලෙසත් සඳහන් වෙනවා.

 

අපි හැමෝම දන්න කියන ඉතාම දියුණු රටක් විදිහට ස්විට්සර්ලන්තය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාම හොඳ මානව සංවර්ධන දර්ශකයක් තියෙන රටක් තමයි ස්විට්සර්ලන්තය කියන්නෙ. ඊටත් අමතරව, ස්විට්සර්ලන්තය කියන්නෙ ලෝකයේ හොඳම පාස්පෝට් එක තියෙන රටවල් වලින් එකක්. ඒ වගේම අන්තර්ජාල පහසුකම් වෙනුවෙන් ලොකු ආයෝජන කරන රටක්. ඉතින් ස්විට්සර්ලන්තයේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් වල වේගය 178.81 mbps පමණ වෙනවා. ඒ වගේම ජංගම අන්තර්ජාල පහසුකම් වල වේගය 64.1 mbps වගේ වෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here