ලෝකයේ සෑම ගුවන් සමාගමක්ම පාඩු ලබනවා…

0
13

ලෝකයේ කිසිම ගුවන් සමාවක් ලාභ නොලබන බවත් එය සියලුම ගුවන් සමාගම් වලට ආවේණික ලක්ෂණයක් බවත් සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.

ධනවත් රටවල පවත්වාගෙන යන ප්‍රසිද්ධ ගුවන් සෙවා පවා ලාභ නොලබන බවද පවසන ඔහු සමහර ගුවන් සභා සමාගම් විකුණා අවසන් බවත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු සපයමිනි.

ඉන්දියාවේ ‘එයාර් ඉන්දියා’ සමාගම පාඩු ලැබූ නිසා ටාටා සමාගමට විකුණා දැමූ බවත් පැවසූ ඔහු එමිරේට්ස් සමාගමද සෑම වසරකටම රජයෙන් ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් ලබාගන්නා බවත් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට එලෙස ගුවන් සේවයක් පවත්වාගෙන යාමට හැකියාවක් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here