ලෝකෙට බෙදූ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත් ආපසු කැඳවයි

0
8

එන්නත් කිරීමෙන් පසු අතුරු ආබාධ ඇති වන බවට ප්‍රකාශ වී ඇති කොවිඩ් වෛරසයට එරෙහි ඇස්ට්‍රාසෙනිකා එන්නත ආපසු කැඳවීමට අදාළ සමාගම තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා ඖෂධ සමාගම, මෙම එන්නත නිෂ්පාදනය කළේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිවයි.

කොවිඩ් 19 ප්‍රතිශත්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ඒ පිළිබඳ ඉකුත් දිනවල ලොව පුරා දැඩි කතාබහක් ඇති වුණා.

ඒ අනුව ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වා ගැනීමටයි ඇස්ට්‍රාසෙනිකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත්තේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් පිරිස අතරින් අතුරු ආබාධවලට ලක්වූ  බොහෝ දෙනෙකුගේ රුධිර කැටි ගැසීමට ලක්ව ඇති බවත් ඉන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී තිබෙනවා.

විදෙස් වාර්තාවලට අනුව ඉන් බහුතරය වයස අවුරුදු 40ත් 59ත් අතර පිරිසයි. අවුරුදු 18 සිට අවුරුදු 99 දක්වා මෙම එන්නත ලබා ගත් පිරිස්වලට අතුරු ආබාධ හටගෙන ඇති බවටයි මේ වන විට පැවසෙන්නේ.

මෙම ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ ද නිෂ්පාදනය කළා. මෙම එන්නත නිකුත් කෙරුණේ කොවිෂීල්ඩ් යන නමින්.

කොවිඩ් සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කර ඇත්තේද මෙම එන්නත බවටයි පැවසෙන්නේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here