ව්‍යාජ මුදු 10ක් උකස් කළ දෙදෙනෙක් පොලිස් දැලේ – Saru News Media උණුසුම් පුවත්

0
8

ව්‍යාජ මුද්‍රා ,හැදුනුම්පත් සහ රියදුරු බලපත්‍ර සකස් කර රාජ්‍ය බැංකුවකට ව්‍යාජ මුදු 10ක් උකස් කර රුපියල් ලක්ෂ 17ක් ලබාගත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරුවන් දෙදෙනා යළි මුදු දෙකක් රැගෙන එය උකස් තැබීමට බැංකුව වෙත පැමිණ ඇති අතර එම මුදු බරින් වැඩිවීම නිසා බැංකු නිලධාරීන් කළමනාකරු වෙත දැනුවත් කර තිබෙනවා.

අනතුරුව තණමල්විල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here