වාහන සිහිනය සැබෑ කරමින් සුවිශේෂී ප්‍රතිලාභ හිමිකර දීමට HNB, Micro Cars සමඟ එක් වෙයි – Saru News Media | Sri Lanka Business News

0
10

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars Limited සමඟ වන සිය හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට කටයුතු කළේය. Micro Cars වෙතින් රථ වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් හට අසමසම ප්‍රතිලාභ හා සුවිශේෂී දීමනා ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇති කරගනු ලැබීය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා HNB සහකාර සාමාන්‍යාධිකාරී පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම මහතා සහ Micro Cars සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියේය. මෙම හවුල්කාරීත්ව තුළින් PROTON SAGA” SAIC ALMAZA, TIGGO4 PRO යන වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට මෙම අසමසම ප්‍රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව උදා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම මහතා පැවසුවේ “වත්මන් ආර්ථික තත්වය තුළ අපගේ අවශ්‍යතාවන් පළදායී අයුරින් සපුරා ගැනීම සඳහා ගැලපෙන විසඳුම් අවශ්‍ය වනවා. අපගේ ගනුදෙනුකරුවන් හට ඔවුන්ට වඩාත් ගැලපෙන විසඳුම් ලබා දීමට අපි කටයුතු කරන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Micro Cars සමඟ එක්වීමට අපි කටයුතු කළා. මේ තුළින් අපගේ ගනුදෙනුකරුවන් හට වැඩි ප්‍රතිලාභයක් අත් කර දෙමින් අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි කටයුතු කරනවා” යනුවෙනි.

සිය Saga සහ Almaz යන වාහන කාණ්ඩ සඳහා ලියාපදිංචිය නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇති Micro Cars විසින් තෝරා ගත් සියලු වාහන සඳහා නොමිලේ සේවා වාර 3ක් ලබා දීමද විශේෂත්වයකි. එසේම Micro Cars විසින් Almaz කාණ්ඩය සඳහා වසර 3ක් හෝ කි.මී 100,000 ක හා Saga කාණ්ඩය වෙනුවෙන් වසර 5ක හෝ කි.මී. 150,000 ක අසමසම වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. තවද Tiggo4 Pro කාණ්ඩය සඳහා කි.මී. 1,000,000 ක් සහ එන්ජිම සඳහා අවුරුදු 10ක වගකීමක් හෝ වසර 5ක සහ වාහනය සදඟා කි.මී 120,000ක වගකීමක් ලබා දීමට ද Micro Cars කටයුතු කර ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ රථ වාහන මීලදී ගන්නා පාරිභෝගිකයින් වෙත Prestige Prime ක්‍රෙඩිට්කාඩ්පතක් ලබා දීමට HNB පියවර ගෙන ඇත්තේ ඒ තුළින්ද පාරිභෝගිකයින් වෙත තවත් ප්‍රතිලාභ අත්කර දෙමිනි. පළමු වාර්ෂික ගාස්තුවකින් නිදහස් වන මෙම ක්‍රෙඩිට් කාඩ්පතට අමතරව HNB General Insurance විසින් සුවිශේෂී වට්ටම් සහිත රථ වාහන රක්ෂණ වාරික ගෙවීම් පහසුකම් හිමි කර දීමට කටයුතු කර ඇති අතර රුපියල් මිලියන 4.5ක් වටිනා ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත. එසේම ස්වාභාවික මරණයකදී HNB Assurance හි Natural Death Insurance වෙතින් රුපියල් 600,000ක් දක්වා රක්ෂණාවරණයක්ද මෙහිදී ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ Micro Cars සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෝරනස් පෙරේරා මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ රථවාහන ලබා දීම තුළින් රථ වාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට අපි කැපවී කටයුතු කරනවා. මූල්‍ය සේවා විශිෂ්ටත්වය තුළින් කීර්තියක් අත්පත් කරගෙන සිටින HNB සමඟ එක් වෙමින් අපගේ ගනුදෙනුකරුවන් වෙත රථ වාහන මිලදී ගැනීමේදී විශිෂ්ට ගෙවුම් විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වනවා’‘ යනුවෙනි.

 

ඡායාරූප විසතරය – HNB සහකාර සාමාන්‍යාධිකාරී පුද්ගලික මූල්‍ය විසඳුම් කාංචන කරුණාගම (වමේ සිට සිව්වැන්නා) සහ Micro Cars සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් පෙරේරා යන මහත්වරුන් (වමේ සිට පස්වැන්නා) විසින් ගිවිසුම් හුවමාරු කරගනිමින්

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here