වැටකොළු මැල්ලුම – Saru News Media

0
26

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ළපටි වැටකොළු කරල් 1
  • පොල් අවශ්‍ය පමණ
  • පොල් තෙල් ස්වල්පයක්
  • රතු ළුණු ගෙඩි 4
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • අමු මිරිස් කරල් 3
  • අබ ඇට ටිකක්
  • කරපිංචා, කහකුඩු ස්වල්පයක්
  • ලුණු,රම්පෙ

සාදන ක්‍රමය:

මේ සඳහා ළපටි වැටකොළු කරලක් ගන්න. දාර වැඩිය ඉවත් කරන්න එපා.යන්තමට අයින් කරන්න.පසුව පෙති කපාගන්න. අමු මිරිස් සහ රතු ළුණු සිහින්ව ලියාගන්න. ඒවාට ගම්මිරිස් කුඩු,කහ සහ ලුණු ස්වල්පයක් අනා ගන්න.

මැටි ඇතිලියකට තෙල් ස්වල්පයක් ලිපේ තබා රත්වන විට ළුණු පෙත්තක්,කරපින්චා කොලයක් දෙකක්, රම්පෙ, කුරුඳු පොතු අබ එකතු කරන්න. ඒවා බැදෙන විට සිහින්ව ලියාගත් වැටකොළු පෙති, අමු මිරිස් සහ රතු ළුණු එකතු කරන්න. හොඳින් කලවම් කරමින් විනාඩි තුනක් පමණ පිසෙන විට ලිපෙන් ඉවත් කරන්න.

ඉතාමත් රසවත් ව්‍යන්ජනයකි.තද කොළ පැහැති වැටකොළු කැබලි සහ ලා කහ පැහැති පොල්වලින් යුතු මැල්ලුම ඇසට ප්‍රිය උපදවන බැවින් ඕනෑම අයෙකුට කෑමට සිතෙයි. ඉතාම සුවඳවත්ය. ඔබට මෙය වැටකොළු පොතු වලින්ද පිසගත හැකිය. එහෙත් වඩාත් රසයක් දැනෙන්නේ ලපටි කරල් වලින් පිසගත් විටය.

එමෙන්ම තවත් රසවත් කර ගැනීම සඳහා හාල් මැස්සන්, කුනිස්සන්, සහ වියලි ඉස්සන් එකතු කරගන්නට හැකිය.

– චම්මි –

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here