වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන් – Saru News Media

0
4

සයිබර් අවකාශය තුළ වැඩියෙන්ම අවභාවිතා වෙච්ච වචනයක් තමයි වික්ටෝරියානු සුචරිතවාදය කියන වචනය. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒ සුචරිතවාදය ගැන නම් නෙමෙයි, ඒ සුචරිතවාදයට නම දුන්න වික්ටෝරියා ගැන. හරියටම කිව්වොත් වික්ටෝරියා ගේ දරු මුණුබුරෝ ගැන.

ඇත්තටම කියනවා නම් මේ ආටිකල් එක අපේ තවත් ආටිකල් සීරිස් එකක පළවෙනි කොටස. මොකද අපේ බලාපොරොත්තුව තමයි වික්ටෝරියා රැජිනගේ දරුවන්ගෙන් පටන් අරගෙන අද වෙනකොට යුරෝපයේ රජ කරන රජ පවුල්වල පරම්පරා කථාව කෙටියෙන් ඔබ වෙත ගෙන එන්න.

තව වැඩිපුර කතා බතා නැතුව මාතෘකාවට ගියොත් වික්ටෝරියා රැජින සිහසුනට පත් වෙන්නේ 1837දී. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 18 පිරුණා විතරයි. වයස අවුරුදු විසි එකේදී ඇය තමන්ගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙකු වන සැක්සේ කෝබර්ග්හි ඇල්බර්ට් කුමරු සමග විවාහ වෙනවා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් නම දෙනකු ලැබෙනවා.

 

1840 දී වික්ටෝරියා සහ ​ඇල්බට් යුවලට ලැබෙන පළමු දරුවා දියණියක්. බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදාය අනුව රජ පවුලේ වැඩිමහල් දියණියට හිමිවන Princess Royal නම් ගෞරව නාමය ඇයට හිමි වුණා. ජර්මනිය රටක් වශයෙන් එක්සත් වීමට පෙර තිබූ ජර්මානු රාජ්‍යයන් අතරින් ප්‍රබලතම රාජ්‍යය වන ප්‍රශියාවේ ඔටුන්න හිමි කුමරා වූ ෆ්‍රෙඩ්රික් සමග විවාහ වූ ඇය ජර්මානු අධිරාජනිය බවටත් පත් වුණා. නමුත් ඇයගේ වැඩිමහල් දරුවා නිසා ඇගේ ඥාතීන් පමණක් නොව සමස්ත යුරෝපයම අර්බුදයක් කරා ගියා. ඒ ගැන අපි ඉදිරි ආටිකල් එකකදී සවිස්තරව කියන්නම්.

 

වික්ටෝරියා රැජනගෙන් පසුව හත්වැනි එඩ්වඩ් නමින් ප්‍රධාන කිරුළට හිමිකම් කියූ ඇල්බට් එඩ්වඩ් කුමරු ඉපදුණේ 1841 දී. වේල්සයේ කුමාර පදවිය දැරූ කාලය සහ කිරුළ හිමි කුමරු ලෙස කටයුතු කළ කාලය සලකා බැලීමේදී ඔහු දෙවැනි වන්නේ වර්තමාන වේල්සයේ කුමරු වන චාල්ස් කුමරුට පමණයි. ඩෙන්මාර්ක රජපවුලේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සමග විවාහ වූ හත්වැනි එඩ්වඩ්ගේ දරු මුණුබුරන්ගෙන් වර්තමාන බ්‍රිතාන්‍ය රජ පවුල සහ නෝර්වේ රජ පවුල පැවත එනවා.

 

1878 දී ඉපදුණු ඇලිස් කුමරිය තම පවුලේ සාමාජිකයන් පිළිබඳව අතිශයින් සැළකිල්ලක් දැක්වු තැනැත්තියක්. වික්ටෝරියා රැජන සිය මවගේ සහ සැමියාගේ වියෝව නිසා අතිශයින් සංවේගයට පත්ව සිටි කාලය තුළ ඇයව රැකබලා ගත්තේත් ඇල්බට් එඩ්වඩ් කුමරු රෝගාබාධයක් නිසා මරණාසන්නව සිටි අවස්ථාවේදී  උපස්ථාන ආදිය සිදු කළේත් ඇය විසින්. ජර්මනියේ තවත් රාජ්‍යයක් වූ හෙසහි මහා ආදිපාද ධූරයට පත් වීමට සිටි හතරවෙනි ලුවී සමඟ විවාහ වූ ඇය 1878 දී වසංගත රෝගයක් නිසා මිය ගියා. ඇයගේ දියණියන් දෙදෙනකුට අවාසනාවන්ත ඉරණම් වලට මුහුණදීමට සිදුවූ අතර ඒ ගැන අපි ඉදිරියේදී ඔබට කියන්නම්

 

1844 දී උපන් ඇල්ෆ්‍රඩ් කුමරු රුසියානු රජ පවුලෙන් විවාහයක් කරගත් ප්‍රථම සහ එකම බ්‍රිතාන්‍ය රාජකීයයායි. දෙවැනි ඇලෙක්සැන්ඩර් රජුගේ දියණිය වන මාරියා ඇලෙක්ඩ්‍රොව්නා සමග විවාහ වූ ඔහු පසු කලෙක සිය පියාගේ උරුමය නිසාම සැක්සේකෝබර්ග්හි ආදිපාදවරයා බවටත් පත් වුණා. රුමේනියාවේ රැජින බවට පත් වූ මේරි කුමරිය ඔහුගේ වැඩිමල්ම දියණියයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here