විජේදාස අහසින් පොලවට.. අධිකරණයෙන් ශ‍්‍රීලනිප සභපතිකම තහනම් කරයි..

0
19

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ම එම පත්කිරීමට එරෙහිව ගොනු කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමිනුයි.

එමෙන්ම එම පක්ෂයේ වැඩ බලන ලේකම් ලෙස කටයුතු කරන දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ද එහි කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හිතවාදී පාර්ශවය විසින් මෙම අතුරු තහනම් නියෝග ඉල්ලමින් අධිකරණය හමුවට ගොස් තිබින.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here