විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාවලිය මෙම සතිය තුළ මහජන උපයෝගිතා කොමිසමට

0
4

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාරදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ආදාළ යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බවයි.

අදාළ යෝජනාවලිය අධ්‍යයනය කර නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ප්‍රකාශ කිරීමට තමන්ට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා. 

මේ අතර ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටියේ මීලඟ විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි බිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

new2023 voice · INDIKA 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here