විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කබ්රාල් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි – Saru News Media දේශීය පුවත්

0
11

තමන්ට එරෙහි විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන් ඉවත් කරන ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කළා.

රජයට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 5ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවට අදාළවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම නඩුවෙහි සැකකරුවෙකු ලෙස කබ්රාල් මහතා නම් කර නැති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා. විමර්ෂණ අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බවත් විදේශ ගත වුවහොත් විමර්ෂණවලට බාධා විය හැකි බවත් පවසමින් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

විදේශ ගත වීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේ අදාළ ඉල්ලීම සිදුකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුලු වීමේ සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සදහා නොවැම්බර් 27 වනදා යළි කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම නඩුවට අදාළ සැකකරුවන් 76 දෙනෙකු ඇපමත මුදා හැර තිබෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here