විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

0
7

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වූ බවට සැකකෙරන විදේශීය දුම්වැටි තොගයක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුත්තලම කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් විසින් පුත්තලම, පලාවිය – කල්අඩිය මාර්ගයේ ගුවන් හමුදා කඳවුරට ආසන්නයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු 66 හැවිරිදි පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 800ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගය කුඩා පැකට් 40ක් බැගින් වූ පෙට්ටි 04ක අසුරා යතුරු පැදියකින් අලෙවි කිරීමට යමින් සිටියදීයි සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධ විමර්ශන පුත්තලම පොලීසියට භාර දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ මෙම වැටලීමේදී අදාළ පුද්ගලයා සන්තකයේ තිබූ මත්පැන් අලෙවියෙන් උපයා ගත් රුපියල් දෙලක්ෂ 37,870ක මුදලක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

බියර් බෝතල් 31, බියර් කෑන් 73ක් සහ විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 56ක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධියට අදාළ විමර්ශන පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here