වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්

0
17

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

හමුවට කැඳවා තිබේ.

එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති වත්මන් වීසා අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බවය.

මැයි 01 වැනිදා වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී On Arrival වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු සහගත තත්ත්වය හා ඊට අදාල සියලු කරුණු කාරනා සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ghftyrt
සබැඳි පුවත් :

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

‘වීසා ගාස්තුවල වෙනසක් නෑ’ – කැබිනට් මණ්ඩල තීන්දුවක්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here