වීසා සිද්ධියට කෑගැසූ තරුණයා පොලිසියට – Saru News Media දේශීය පුවත්

0
9

කටුනායක ගුවන්තොටුපොලේදී ඔන් එරයිවල් වීසා නිකුත් නොකිරීමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදුකළ නීතීඥ සඳරු කුමාරසිංහ මහතා ගුවන්තොටුපොල පොලිසියට කැදවා තිබුණා

ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබු අතර ප්‍රකාශ ලබා දීමෙන් පැයයි විනාඩි 40 කට පසු ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

එහිදී අදහස් දැක්වූ සඳරු කුමාරසිංහ මහතා .

එදා මැයි පළමුවෙනිදා . මම එදා තායිලන්තයේ සිටයි කටුනායක ගුවන් තොටුපොළ වෙත ආවෙ . තායිලන්තය බෞද්ධ රටක් . ඒ රටේ ඉදල මේවා දකින විට කනගාටුවක් ඇති උනා .

කටුනායක ගුවන් තොටුපොළ වීසා අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම නිසා රටේ ජනමාධ්‍ය , බුද්ධිමත් ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළා .

ඒ කතා කිරීම නිසා මෙම විදේශීය සමාගම පිළිබඳ බොහෝ භෞතික කරුණු අනාවරණය වී තිබෙනවා .

අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා රැකීරක්ෂා නොමැතිව . ඒ අයගෙන් ප්‍රයෝජන නොගෙන වීසා නිකුත් කිරීම වැනි සංකීර්ණය ක්‍රියාදාමයක් විදේශ සමාගමකට විකුණල , රුපියල් කෝටි ගනනක් විදේශීය රටවල් වෙත ඇදී යාමට සළස්වල තියෙනවා .

මට අද කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට එන්න කියල දැනුවත් කරල තියෙනවා . හරිනම් මම නෙමෙයි මෙතැනට එන්න ඕන . මේවා මේ විදිහට විකුණන්න මැදිහත් වූ පුද්ගලයන් .

මම විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් මම සමග ඉදී කියල .

මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ . ඒ වගේම ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙය වන පුද්ගලයෙකු නෙමෙයි . සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරන්න කරපු උත්සාහයකුත් නොවෙයි .

මමත් ඔබ වගේ මෙතෙක් මේ රටේ බලයට පත් වු සියලුම දේශපාලන පක්ෂ වලට චන්දය දීපු , දැන් කළකිරීමට පත් වී සිටින පුද්ගලයෙක් .

මම පශ්චාත් උපාධියක් සහිත නීතීඥවරයෙක් . සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක් .

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් භාෂණයේ නිදහස , ජාතික සම්පත් විකිණීමට එරෙහිව හඩක් නැගීම තමයි මම එදා සිදු කළේ .

මම සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා , මං වෙනුවෙන් , මගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න . මං වගේ තරුණ , තරුණියන් වෙනුවෙන් , ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්න කියල .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here